World

අන්තවාදීන් රට තුලට එනවා – කුවේටය මුස්ලිම් රටවල් 5ක් තහනම් කරයි

නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල් 7 කට එරෙහිව වීසා තහනමක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කුවේටය ද රටවල් 5 කට එරෙහිව එවැනි තහනමක් පනවා තිබෙනවා.

ඒ අනුව, සිරියාව, ඉරාකය, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ ඉරානය යන රටවලින් පැමිණෙන සංචාරකයින්ට කුවේටය මින් පසු වීසා නිකුත් නොකරනු ඇති.

අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම් තම රටට ඇතුළු වීම වැළැක්වීම සදහා එම පියවර ගත් බවයි කුවේටය ප්‍රකාශ කළේ.

ඇමරිකාව වීසා තහනම පැනවූ රටවල් අතරට සිරියාව, ඉරාකය සහ ඉරානය හැරුණු කොට සුඩානය, ලිබියාව, සෝමාලියාව සහ යේමනය ද ඇතුළත් වන අතර පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව එවැනි තහනමක් පනවා නැහැ.

Related posts

ප්‍රංශ ප්‍රහාරයට බෝම්බ හදා ඇත්තේ ධර්මරාජන් නමැති කළු කොටියා – ජාත්‍යන්තර පොලිසියෙන් පරීක්ෂණ

colombotoday

කොවිඩ් මඬින බ්‍රිතාන්‍ය එන්නත මිනිසුන්ට අත්හදා බැලීම අද

colombotoday

මෙක්සිකෝවේ උද්ඝෝෂකයින්ගෙන් ජනපති මැදුරට හානි

Admin

පාකිස්තානයේ විෂ වායු කාන්දුවක් – 4ක් මරුට

colombotoday

චීනයට අනිටු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදු වනු ඇති. ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

colombotoday

ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි අනූ පන්ලක්ෂය ඉක්මවයි

colombotoday