Colombo Today Local News

අන්තර්ජාලය තුල ක්‍රියාකරන අන්තවාදී බෞද්ධයන්ට දඩුවම් කරන්න – මුස්ලිම් කවුන්සිලය අගමැතිගෙන් ඉල්ලයි

BBC මාධ්‍යාතනයේ ශ්‍රී ලංකා ප්‍රධානී ලෙස කටයුතු කරන මොහොමඩ් අමීන්ගේ පියා වන එන් එම් අමීන් විසින් නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නමැති සංවිධානයක් විසින් අම්පාර ප්‍රදේශයේ මුස්ලිම් හෝටලයක කෑමවලට මිනිසුන් වඳ භාවයට පත් කරන පෙතිවර්ගයක් දැමීමේ සිද්ධියක් මුලික කරගනිමින් ඇතිවූ ගැටුම, බෞද්ධ අන්තවාදී සංවිධානයක් පෙර සැලසුම් කරන ලද ප්‍රහාරයක් ලෙස අර්ථ දක්වමින් අගමැතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ හඳුනාගත් කිසිදු අන්තවාදී බෞද්ධ සංවිධානයක් මෙරට ක්‍රියාත්මක වන්නේ නෑ. නැගනහිර ප්‍රදේශය මූලික කරගනිමින් වහබ්වාදී කල්ලි ක්‍රියාත්මක වෙන බවට මීට ඉහතදී මුස්ලිම් සමාජයෙන්ම චෝදනා එල්ල වී ඇති අතර මුස්ලිම් ආගමික කල්ලි අතර විවිධ අවස්ථාවලදී ගැටුම් ඇතිවී ඇත.

“යහපාලන රජය” බලයට පත් කිරීම වෙනුවෙන් 2015 ජනවාරි සහ අප්‍රේල් මාසවලදී පැවති ජනාධිපතිවරණය සහ මහා මැතිවරණයේදී බහුතර මුස්ලිම් ජනතාව ඡන්දය බාවිතා කර ඇති බව පෙන්වා දී ඇති අමීන් අන්තර්ජාලය තුල ක්‍රියාකරන අන්තවාදී බෞද්ධයන් නීතිය හමුවට පමුණුවන ලෙස එම ලිපිය මගින් ඉල්ලා තිබෙනවා.

Related posts

සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

Admin

ජනපති කෙන්යා යයි…

colombotoday

බෝම්බයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

ගම්පහ දැවැන්ත පිපිරීමක්

Admin

උතුරෙන් දැවැන්ත ජන ගගක් කොළඹට… කොටි සැකකරුවන් නිදහස් කරන්න ඉල්ලා උද්ඝෝෂණයකට සැරසෙයි…

colombotoday

ආරක්ෂක අංශ සොයමින් සිටි බන්ධනාගාර ජේලර්වරු දෙදෙනා අධිකරණයට බාර වෙයි

colombotoday