Colombo Today Local News

බහුතරය තිබෙන පැත්තට අපේ සහාය දෙනවා – ඊපීඩීපී

පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගන්නා ඕනෑම පක්ෂයකට ආණ්ඩුව පිහිටුවීම සඳහා තම සහාය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊපීඩීපී සංවිධානය පවසයි.

තම සංවිධානයේ අරමුණ රටේ සංහිඳියාව අඛණ්ඩව පවත්වාගෙන යෑම බැවින් පක්ෂය එම ස්ථාවරයේ සිටින බව එම පක්ෂය සඳහන් කරයි.
කෙසේ වෙතත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක නෙල්සන් එදිරිසිංහ මහතා සඳහන් කළේ මෙතෙක් පැවැති ආණ්ඩුවලට තම සන්ධානය සහාය ලබාදී ඇති බැවින් ඉදිරියටත් එසේ සිදුකරන බවයි.

ඊපීඩීපී සංවිධානයට පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රි ධුරයක් පමණක් තිබෙන අතර මෙවර පළාත් පාලන මැතිවරණයේදී උතුරේ පළාත් පාලන ආයතනවල ආසන 81ක් ලබාගැනීමට එම පක්ෂය සමත් විය.

Related posts

තේක්ක දැව කදන් ලොරියක් බලන්ගොඩදී අත්අඩංගුවට

colombotoday

නව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ‍‍ජෙනරල් අමල් කරුණාසේකර

colombotoday

විද්‍යාත්මක අලුත් ඇමති මණ්ඩලය මෙන්න…

colombotoday

සහරාන් නොදන්නා බව හකීම් කියන්නේ පට්ටපල් බොරුවක්, සහරාන් වැඩකළෙත් මුස්ලිම් කොංග්‍රසයටයි !

colombotoday

දේශබන්දුට එරෙහිව තිබූ විදෙස් ගමන් තහනම ඉවතට

Admin

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Admin