Colombo Today Local News

පුනරුත්ථාපනය වු එල් ටී ටී ඊ සමාජිකයින් යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවට

උතුරේ තරුණ තරුණියන් 50 දෙනෙක් හමුදාගත පදනම යටතේ  යුද හමුදා ස්වෙච්ඡා  බලසේනාවට බදවා ගත් බව  යුද හමුදාව කියයි.

බදවාගත් මෙම පිරිස අතර පුනරුත්ථාපනය වු හිටපු එල් ටී ටී ඊ සමාජිකයින් 11 දෙනෙක් සිටිති.

රටේ අවශ්‍යතාව මත බදවා ගත් මෙම පිරිස  දැනට කෘෂිකර්මික ක්ෂෙත‍්‍රයේ  අවශ්‍යතාවන් වෙනුවෙන් යොමුකර ඇති බවද   හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත්  අතපත්තු මහතා පැවසීය.

මොවුන් හමුදා නිලඇදුම් නොඅදින අතර  විශ‍්‍රාම වැටුප ඇතුලූ  හමුදාවේ  සෙසු පිරිසට ලබාදෙන වරප‍්‍රසාද මොවුන් ට ද හිමිවන බවද හමුදා ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

රටේ අවශ්‍යතාව මත රටේ සංවර්ධන වෙනුවෙන් ඉදිරියේ දී උතුරේ තරුණ තරුණියන්   ස්වෙච්ඡා බලසේනාවට  වෙත බදවා ගන්නා බවද හමුදා ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

රජයේ ඉහළ නිලධාරීන්ගේ වාහන බදු සහනයේ වෙනසක්

colombotoday

මට හොඳටම අමාරුයි, වැටුප දෙන්න බෑ. මට ඔච්චරයි තියෙන්නේ.

colombotoday

13 හැවිරිදි දැරිය අපයෝජනය කළ තවත් සිව් දෙනෙකු සොයා විමර්ශන අරඹයි

colombotoday

යතුරුපැදි රේස් ගිය තරුණයෙක් මරු දකී

colombotoday

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ජනාධිපති හමුවෙයි

colombotoday

“බැදුම්කර හොරකම ඉතා සුළු එකක්.. රාජපක්ෂලා මීට වඩා හොරකම් කරා“ – ෆොන්සේකා

colombotoday