Colombo Today Sports News

රුසියාව පැරදූ යුකේ‍්‍රනයේ එලීනාගෙන් හමුදාවට පරිත්‍යාගයක්

මොන්ටෙරේ විවෘත ටෙනිස් තරගාවලියේදී යුකේ‍්‍රන ජාතික එලීනා ස්විටොලිනා සහ රුසියානු ජාතික ඇනස්ටේෂියා පොටපෝවා අතර පැවැති තරගයේදී තරග වට 2-0කින් ජය හිමිකර ගැනීමට යුකේ‍්‍රන් ටෙනිස් තරුව එලිනා ස්විටොලිනා සමත් වූවාය.

ඒ අනුව අදාළ තරග ජයග‍්‍රහණයෙන් ලද මුදල යුකේ‍්‍රන හමුදාවට පරිත්‍යාග කිරීමට එලීනා තීරණය කර තිබේ.

මෙක්සිකෝවේ මොන්ටෙරේ හි පැවැති අදාළ තරගයේදී පළමු වටය 6-2ක් ලෙස ජයගත් එලීනා දෙවැනි වටය 6-1ක් ලෙස ජය ගත්තේය. අනතුරුව තරග ජයග‍්‍රහණයෙන් පසු තමාගේ හදවතට අත තබා පේ‍්‍රක්ෂකයින්ට අත දිගුකරමින් ආචාර කර සිටියාය. ‘මම මගේ රට වෙනුවෙන් අරගලයක යෙදී සිටිමි. මෙය මට සුවිශේෂි තරගයක්. මේ මොහොතේ මම ඉන්නේ කනගාටු දායක මනෝභාවයකින්. නමුත් මෙහි ටෙනිස් කී‍්‍රඩා කිරීම ගැන සතුටුයි’ යැයි තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එලීනා කියා සිටියාය.

කෙසේ වෙතත් එලීනා මීට පෙර රුසියානු කී‍්‍රඩිකාව සමගින් කී‍්‍රඩා කිරීම ප‍්‍රතික්ෂේප කර තිබුණු අතර තරගාවලියෙන් ඉවත් වෙන බවටද ප‍්‍රකාශ කර තිබිණි.

Related posts

කැන්ගරුවන් පරදා සිංහයන් ඓතිහාසික ජයක් ලබයි

colombotoday

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin

කුමාර සංගක්කාර පකිස්තානයට

colombotoday

ශී‍්‍ර ලංකාවට එන්න සිටි බංග්ලාදේශ කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුටත් කොරෝනා

colombotoday

බංග්ලාදේශ තරගයෙන් පසු ලසිත් මාලිංග යළි දිවයිනට

colombotoday

අවසන් තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

Admin