සර්ව පාක්ෂික සමුළුව කැඳවනු ලැබුවේ ශ්රී ලංකා නිදහස් පක්ෂය කළ යෝජනාවකට අනුවයි.
කෙසේවෙතත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ රැසක් මෙම සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට තීරණය කර ඇත.
එම පක්ෂ වන්නේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය , අකිල ඉලංකෙයි තමිල් කොංග්රසය, තමිල් මක්කල් විඩුදලෛප් පුළිකල් පක්ෂය , තමිල් මක්කල් තේසිය කූට්ටනි, අකිල ඉලංගෙයි මහජන කොංග්රසය හා ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය ඇතුළු පක්ෂයි.