Colombo Today Local News

නුවරඑළියට ආ ගෑස් ලොරිය වටලා ගම්මු ගෑස් අරන්

මාස ගණනාවකට පසු නුවරඑළියේ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයන්ට බෙදා හැරිම සදහා සමාගම විසින් නුවරඑලියට පැමිණි ලාෆ් ගැස් ලොරි රථය වටලා ලොරි රථයෙන් ගැස් මිල දි ගැනිමට නුවරඑළිය ප්‍රදේශයේ ලාෆ් ගැස් පාරිභෝගිකයෝ (23) දින පියවර ගෙන ඇත.

කිලෝ 12.5 සහ කිලෝ 5 ගෘහස්ථ ගැස් සමාගමේ ලොරි රථයෙන් නුවරඑලියට ප්‍රවාහනය කර ඇති අතර , එම ලොරි රථය නුවරඑලිය නගරයට ආසන්නයේ ගාල් කර තිබියදි ලාෆ් ගැස් පාරිභෝගිකයන් එම ස්ථානයට පැමිණ ලොරි රථයේ සිටි සේවකයන්ට මුදල් ලබා දි ගැස් ලබාගෙන තිබේ.

ලාෆ් ගැස් සමාගම විසින් කිලෝ 12.5 ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් රු 4278 ටත්,කිලෝ 5 කුඩා ගැස් සිලින්ඩරයක් රු 1720 මිලකටත් අලෙවි කර ඇත.

ලාෆ් ගැස් පාරිභෝගිකයන් කියා සිටින්නේ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයන් වෙත තොග නිකුත් කිරිමෙන් පසු ඔහුන් ගෑස් වැඩි මිලට අලෙවි කරන නිසා තමන් සමාගමේ ලොරි රථයෙන්ම ගැස් මිල දි ගැනිමට පියවර ගත් බවයි.

ලාෆ් ගැස් පාරිභෝගිකයන්ට සාධාරණ ලෙස ගැස් ලබාදිමට පියවර ගත් නුවරඑළිය පොලිසියේ නිලධාරින්ට සහ සමාගමේ ලොරි රථයේ සේවකයන්ට ගම්වාසිහු කොළ කැද සංග්‍රහයක්ද එම ස්ථානයේදි පවතවා තිබේ.

Related posts

ආරක්ෂ අංශ සොයමින් සිටි මව්ලවි කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

colombotoday

සනත් නිශාන්ත උපරිමාධිකරණට

Admin

කතක් දැරණියගල ප‍්‍රාදේශීය සභාපතිගේ නාසය කපයි

colombotoday

ලක්‍ෂ පහක්‌ ඒඩ්ස්‌ පරීක්‍ෂාවට !

colombotoday

විදුලිබල ඇමති සිංගප්පූරු සංචාරයේදී බලශක්ති කළමනාකරණය පිළිබඳ විශේෂ සැසියකට…

colombotoday

ගාල්ලේ පාසල් 23 දක්වා වැසෙයි

colombotoday