Colombo Today Local News

අවශේෂ වනාන්තරවලට අදාළව අභියාචනාධිකරණයෙන් ඉඩම් කොමසාරිස් ජනරාල්ට නියෝගයක්

අවශේෂ වනාන්තර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනයට යටත් කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව කටයුතු කිරීමට පියවර නොගන්නා ලෙසට අභියාචනාධිකරණය ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ.

එම චක්‍රලේඛය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන සැප්තැම්බර් පළමු වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් ඉඩම් කොමසාරිස් ජනරාල්, වනසංරක්ෂණ ජෙනරාල් ඇතුළු පස් දෙනෙකුට නොතීසි ද නිකුත් කර ඇත.

අභියාචනාධිකරණ එම නියෝගය ලබන සැප්තැම්බර් මස 01වැනිදා තෙක් බල පැවැත්වේ.

පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂක හේමන්ත රංජිත් කුමාර මහතා ගොනු කළ පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පස් දෙනෙකු නම් කර තිබේ.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවා තිබේ.

Related posts

පොළොන්නරු ථූපාරාමයට හොරු පනී.. පිං පෙට්ටිය සොරාකයි

colombotoday

නීතිඥ නාගානන්ද ගොනු කල රනිල්ගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

colombotoday

ඩෙල්ටා හැඳුණොත් රෝග ලක්ෂණයක් නොපෙන්වා හෘදයාබාධ ඇති වේ

colombotoday

කැබිනට් ඇමතිවරුන්ගේ අගෝස්තු වැටුප කොවිඩ් අරමුදලට

colombotoday

දළදා හිමිට අපහාස කළ තැනැත්තාට උපරිම දඬුවම් දෙනවා – අධිකරණ ඇමති කියයි

Admin

ගජ උතුරේ සියලුම පාසල් වස්සවයි

colombotoday