Colombo Today Local News

කසිප්පු විකිණු කතකගෙන් කප්පම් ගත් හමුදා බුද්ධි නිලධාරීන් හතරක් අත්අඩංගුවට

නිට්ටඹුව මාතලානේ කසිප්පු අලෙවි කරන කාන්තාවකගෙන් කප්පම් ගත් බව කියන යුද හමුදා බුද්ධි නිලධාරීන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.

නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ ඕ පී අබේරත්න මහතාට ලැබුඹු තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකින් පසු බුද්ධි නිලධාරීන් සිව් දෙනා අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි.

නිට්ටඹුව පොලිස් වසමේ කසිප්පු අලෙවි කරන්නන් ගේ නිවාස වලට ගොස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් දහස් ගණනින් කප්පම්ගෙන ඇතැයි පොලිසිය කියයි.

කසිප්පු වැරදි සම්බන්ධයෙන් උසාවියේ නඩු පැවරීමක් නොකිරීම සඳහා යැයි කියමින් කසිප්පු අලෙවි කරන්නන් ගෙන් එසේ කප්පම් ලබා ගෙන ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

Related posts

මහරගමට පෙට් ස්කෑනරයක් ගන්න ටෙන්ඩර් දැම්මා.. මාස තුනකින් දෙනවා – රාජිත

colombotoday

බැංකු නිලධාරියකුගේ සුඛෝපභෝගී මෝටර් රථය ඉස්සූ දෙදෙනෙක් අල්ලයි

Admin

ත‍්‍රස්ත විමර්ශන ඒකකයට දුන් මැෂින් තුවක්කු ආපසු ගනී

colombotoday

කාබන් බද්ද අකුලා නොගත්තොත් බස් වර්ජනයක්…

colombotoday

රන්ජන්ගේ නිදහස වෙනුවෙන් සජිත් ජාත්‍යන්තරයට

colombotoday

අගමැති ප්‍රධානත්වයෙන් යුත් ආර්ථීක කලමනාකරණ කමිටුව අහෝසි කරන්න ජනාධිපති නියෝග කරයි

colombotoday