Colombo Today Local News

පොදු ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි

පොදු ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව, ප්‍රවාහන බලධාරීන් පවසයි.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ මෙහෙයුම් අධිකාරී ඒ.එස්.බී. වීරසූරිය මහතා පැවසුවේ, අද සිට සාමාන්‍ය කාලසටහන් පරිදි බස් රථ ධාවනයට එක් කරන බවයි.

කෙසේ වෙතත්, සෞඛ්‍ය උපදෙස් වලට අනුගත වෙමින් ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ප්‍රවාහනය කරන බව, ඔහු පැවසුවේය.

මේ අතර, අන්තර් පළාත් බස් රථ සේවා ද අද සිට සාමාන්‍ය කාලසටහන් වලට අනුව, ධාවනයට එක් කරන බව, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ වලට අනුකූලව සියලු බස් රථ ධාවනය කළ යුතු බවයි.

මේ අතර, පසුගිය සතියේ ධාවනය වූ පරිදි අද සිට දුම්රිය ධාවනයට එක් කරන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

සජබෙට එරෙහිව දැමූ පෙත්සම ඩයනා ඉල්ලා අස්කර ගනී

Admin

නඩත්තු නොදී බේරෙන්න බිරිඳගේ හිසට මන්නෙන් කොටලා

colombotoday

බසයක් පෙරලී 5කට තුවාල

Admin

රට විවෘත කිරීමේදී නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

colombotoday

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කෙරේ

colombotoday

මුලතිව් අතහරී.. කදවුර ඉවත්කරගෙන ඉඩම් බෙදාදෙයි !

colombotoday