Colombo Today Local News

මුහුද යටින් කේබලයක්.. විදුලිබල පද්ධතිය ඉන්දියාවට අමුණයි.. විදුලියත් ඉන්දියාවෙන් !

භූගත කේබල් පද්ධතියක් හරහා ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතිය ඉන්දියාවේ විදුලිබල පද්ධතියට සම්බන්ධ කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජයපාල මහතා පවසයි.

ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර ඒ සම්බන්ධ සාකච්ඡා දැනටමත් සිදුකර ඇති බවත්, එම ව්‍යාපෘතිය ඉදිරි වසර පහ තුළ නිම කිරීමට සැලසුම් කර ඇති බවත් අනුර විජයපාල මහතා ප්‍රකාශ කළේ පසුගිය සතියේ කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති ශ්‍රී ලංකා ආර්ථික සංගමයේ සම්මන්ත්‍රණයක් අමතමිනි.

ශ්‍රී ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය විදුලි ධාරිතාවය නිශ්පාදනය කිරීම අභියෝගයක් වී ඇති බවද විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මුහුද යටින් සම්බන්ධ කෙරෙන කේබල් පද්ධතියක් ඔස්සේ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට විදුලිය ලබා දීමේ සූදානමක් ඇති බවට එරට විදුලිබල අමාත්‍යාංශය උපුටා දක්වමින් ‘ද හින්දු‘ වෙබ් අඩවිය මීට පෙර වාර්තා කර තිබිණි.

විදුලිබල පද්ධතිය ඉන්දියාව හා ඒකාබද්ධ කිරීම හරහා ලංකාවේ බලශක්ති ආරක්ෂණය ප්‍රබල අනතුරකට ලක්වන බවත්, එය ජාතික ආරක්ෂාවටද ඉතා අහිතකර අන්දමින් බලපාන බවත් විචාරකයන් පෙන්වා දී තිබිණී.

Related posts

ප්‍රභාකරන් සමරන්න විග්නේශ්වරන්ගෙන් 18 දා උත්සවයක්‌

colombotoday

නසීර්ගේ පුටුව හිස් බව මැතිසබා ලේකම්වරිය මැතිවරණ කොමිසමට දන්වයි

Admin

අනුරධපුර ජේතවනාරාම ස්ථූපයේ යළිත් පැළුම් 2 ක්

colombotoday

අමිත් වීරසිංහ ඇතුළු මහසෝන් බළකායේ දහදෙනා නැවතත් රිමාන්ඩ් !

colombotoday

ජොන්ස්ටන්ට එරෙහිව පැවති නඩුව යලි විභාගයට ගන්න – නගානන්ද කොඩිතුවක්කු

colombotoday

⭕⭕⭕Breaking News⭕⭕⭕ හිටපු ඇමති දුමින්ද අත්අඩංගුවට!

Admin