World

ඇමෙරිකාවෙන් ලෝක වෙළෙඳපොළට බොරතෙල් බැරල් මිලියන 30ක් නිදහස් කරයි

ඇමෙරිකා එක්සත් ජනපදය හදිසි උපාය මාර්ගික ක්‍රියා මාර්ගයක් ලෙස ඇමෙරිකාවේ ඛනිජ තෙල් අතිරේක සංචිතයෙන් බොරතෙල් බැරල් මිලියන 30 ලෝක බොරතෙල් වෙළඳපොල වෙත නිදහස් කරන බව නිවේදනය කරයි.

ඒකාබද්ධ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (අයි.ඉ.ඒ) රැස්වීමකින් පසුව රුසියානු-යුක්රේන යුද්ධය හේතුවෙන් අහස උසට නගින බොරතෙල් බැරලයක මිල පාලනය කිරීම සඳහා සාමාජික රටවල් 30 විසින් තම අතිරේක බොරතෙල් සංචිත වලින් බොරතෙල් බැරල් මිලියන 60 ක් ලෝක වෙළඳපොල වෙත නිදහස් කිරීමට එකඟ වී ඇත.

අද (2)දින ලෝක බොරතෙල් වෙළඳපොලේ බ්‍රෙන්ට් කෘඩ් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 109.83 වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 108.10 විය.

Related posts

ඉස්ලාම් ආගමට සම්බන්ධ සියළු දේ තහනම් කරයි.. චීනයේ මුස්ලිම් අයට වෙන්න යන දේ මෙන්න !

colombotoday

ඉන්දුනීසියාවේ මිරාපි ගිනිකන්ද සක්‍රීය වෙයි

colombotoday

අමෙරිකාවේ බිහිසුණු ගුවන් අනතුරක්

Admin

පොලිස් බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

ඇෆ්ගනිස්ථානයට බලපෑ ගංවතුරින් ජීවිත 160ක් අහිමියි

colombotoday

ලන්ඩන් ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය භාරගනී

colombotoday