Colombo Today Local News

ඩී.අයි.ජි. නමින් පිලියන්දල ගණිකා මඩමක් දාලා

නියෝජ්‍ය පොලිස්පතිවරයකුට අයත් බව පවසමින් පිලියන්දල කරදියාන ප්‍රදේශයේ රූමත් තරුණියන් යොදාගෙන පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා තරුණියන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනකු අද (21) සවස අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි.

උසස් පොලිස් නිලධාරීන් සහ පක්ෂ විපක්ෂ දේශපාලඥයන් මෙන්ම ප්‍රභූ පුද්ගලයන් සමග සමීප සබඳතා පවත්වාගෙන යන බවට හැඟවීමට ඔවුන් සමග ලබාගත් සමීප ඡායාරූප විශාල කර කාර්යාලය තුල ප්‍රදර්ශනය කර මෙම ගණිකා ජාවාරම කිරුළපන ප්‍රදේශයේ පුද්ගලයකු කාලයක් තිස්සේ සිදු කර ගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම ගණිකා නිවාසය සම්බන්ධයෙන් පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද රහසිගත තොරතුරක් අනුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක සඳරුවන් මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කර ඇත.

එම ඒකකයේ බුද්ධි අංශ නිලධාරීන් දින ගණනාවක් ආවේශන රාජකාරිය සඳහා යොදවා එම ස්ථානයේ ගණිකා නිවසක් තිබෙන බවට තහවුරු කරගැනීමෙන් අනතුරුව උපාය දූතයකු රුපියල් 6000 ක මුදලකට රූමත් කාන්තාවක් මිලදී ගැනීමට යොදවා තහවුරු කරගැනීමෙන් අනතුරුව වැටලීම සිදු කළ බව පොලිසිය සඳහන් කරයි.

වැටලීම සිදුකරන අවස්ථාවේදී රූමත් කාන්තාවන් දෙදෙනකු පමණක් සිටි බවත් එම ස්ථානයෙන් නිත්‍ය වශයෙන්ම කාන්තාවන් පස් දෙනකු ගණිකා සේවයේ යෙදී ඇති බවට කාර්යාලේ තිබෙන ලිපි ලේඛන වලින් තහවුරු වන බවට වැටලීමට සහභාගිවූ නිලධාරියෙක් පවසයි.

Related posts

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69වන අභිමානවත් සංවත්සරය අදයි

colombotoday

බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද සිට

colombotoday

නිවෙසක් කොල්ලකෑමට ආ පාතාල කල්ලි සාමාජිකයෙකු ප්‍රදේශවාසීන්ගෙන් මැරුම් කයි

colombotoday

“රනිල් එපා.. එජාපයට නව නායකයෙක් ඕන” – දිස්ත්‍රික්ක 25ක එජාප ක්‍රියාකාරීහු එක්ව ඉල්ලති

colombotoday

“ඌරගෙ හොස්සේ රත්තරං බදින්න එපා. ගොන්ජා හොදයි ගොං ජෝක්ස් පොලිටික්ස් වලට.” රන්ජන්ට උචිත රැකියාව ගැනත් ඥානසාර හිමි කියයි

colombotoday

මැතිවරණ කාර්යාලය අසලදී හිරුනිකාට හූ සංග්‍රහයක්

colombotoday