Colombo Today Local News

චීන පොහොර නැව අනිවාර්යෙන්ම ආයෙත් ලංකාවට එනවා

චීන පොහොර නැව අනිවාර්යෙන්ම නැවත ලංකාවට එන බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

කලින් වතාවේ එම පොහොර නැවට ගෙවීම් කර ඇති බැවින් මෙවර ගෙවීමක් කිරීමට අවශ්‍ය නොවන බව කී රාජ්‍ය අමාත්‍යවරයා චීන සමාගමේ නිර්දේශ අනුව ලෝකය පිළිගත් පර්යේෂණාගාරයක ද ලාංකික පර්යේෂණාගාරයකද පරීක්ෂණ කටයුතු කොට එම පොහොර ගෙන්වීමට කටයුතු කරන බව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ලාංකික පර්යේෂණාගාරවල පොහොර පරීක්ෂා කොට අසමත් වුවහොත් එම පොහොර ගෙන්වන්නේ නැතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා මුලින් ගෙවූ ගානටම නැවත පොහොර ලබාදීමට එම සමාගම එකඟ වූ අතර එයින් ලංකාවට ලොකු ලාභයක්ද ලැබෙන බව සඳහන් කරයි.

මෙවර ඝන පොහොර නොව මුලට යෙදිය හැකි දියර පොහොරක් ගෙන් වීමට අවධානය යොමු වී තිබෙන බවද ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

දින විසි හයක් ඇතුළත එම පොහොර ගෙන්වීමට කටයුතු කරන බව ද කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

Related posts

ඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර නාම පුවරු සිංහල භාෂාවෙනුත්…

colombotoday

දිමුත් කරුණාරත්නට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් පරික්ෂණ අරඹයි

colombotoday

අදයි හෙටයි කරන්ට් නොකැපෙයි! – විදුලි බල මණ්ඩලය

Admin

රිෂාඩ් බදුර්දීන් හොරෙන්ම CID ලොක්කො හමුවෙන්න ගිහින්

colombotoday

කබ්රාල්ට තවදුරටත් රට ගමන් තහනම්

Admin

අල්ලස් චෝදනා එල්ල වී සිටින රවීට අර්ජුන්ට අධි චෝදනා භාර දෙයි

colombotoday