World

පුද්ගලයින් 133දෙනෙකු රැගත් චීන ගුවන් යානයක් කඩා වැටේ

පුද්ගලයින් 133 දෙනෙකු රැගත් චයිනා ඊස්ටර්න් ගුවන් සේවාවට අයත් මඟී ජෙට් යානයක් නිරිතදිග චීනයේ දී අනතුරට ලක්ව තිබේ.

බෝයිං 737 (Boeing 737) වර්ගයේ මෙම යානය ග්වාන්සි (Guangxi) ප්‍රදේශයේ වූසූ (Wuzhou) නගරයට ආසන්න ගම්බද ප්‍රදේශයකට කඩා වැටී ඇති බව වාර්තා වේ.

මෙම අනතුරින් මේ වන විට තුවාල ලබා ඇති සංඛ්‍යාව හෝ මරණයට පත්ව ඇති සංඛ්‍යාව මේ වන තෙක් තහවුරු කර නොමැති බව චීන CCTV රූපවාහිනී සේවාව සඳහන් කරයි.

අදාළ ගුවන් යානය අනතුරට ලක්වීමට හේතුව එම ප්‍රදේශයේ පැතිර ගිය ලැව් ගින්නක් හේතුවෙන් මතු වූ අධික දුමාරය විය හැකි බව CCTV රූපවාහිනී සේවාව පැවසුවේය.

ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වනවිටත් අනතුර සිදු වූ ස්ථානයට යොමු කර ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු කොරෝනා වලට බිලි වෙයි

colombotoday

UN සම්බාධකවලට එරෙහිව උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday

පෝලන්ත ජනපතිටත් කොරෝනා

colombotoday

ලෙබනනයේ පිපිරිමෙන් මියගිය ගණන ඉහළට.. ඩුබායි රාජ්‍යයේත් විශාල ගින්නක්

colombotoday

බ්‍රිතාන්‍යයට අලුත් අගමැතිවරයෙක් තෝරා ගැනීම අද

colombotoday

මිනිස් ශරීර කොටස් සහිත ගමන් මලු 45ක් උතුරු මෙක්සිකෝවේ කැළෑවකින් හමු වෙයි

Admin