Colombo Today Local News

ඉන්ධන පිරවුම්හල් වලට පොලිස් ආරක්ෂාව

ඉන්ධන පිරවුම්හල් අසල කලහකාරී සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා සුදුසු ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට ඊයේ (1)දින විශේෂ දැනුම් දීමක් කර තිබේ.

ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් අසල මහජනතාව පෝලිම් ගැසී ඒකරාශීව සිටින අවස්ථාවල සාමය පවත්වාගෙන යෑම සඳහා එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී තිබේ.

ගොවි අවශ්‍යතා මත කෘෂි කර්මාන්තය සඳහා යොදාගන්නා උපකරණ සඳහා අවශ්‍ය ඉන්ධන කෑන් හෝ බූලි මගින් ලබාගැනීමට පැමිණෙන ජනතාව වෙත බාධාවකින් තොරව ඉන්ධන ලබාදීම සඳහාත්, සංචාරක ක්ෂේත්‍රයට අදාළව සංචාරකයන් ප්‍රවාහනය කරන රථවාහන, ගිලන් රථ, ගිනි නිවීමේ රථ, රෝගීන් ප්‍රවාහන රථ සඳහා ප්‍රමුඛතාව මත ඉන්ධන ලබාදීම සඳහාත් අවශ්‍ය සුදුසු පියවර ගන්නා ලෙසද පොලිස්පතිවරයා උපදෙස් දී තිබේ.

ඉන්ධන ලබාගැනීම සඳහා වාහන ​පෝලිම් පවතින අවස්ථාවලදී එවැනි ඉන්ධන පිරවුම්හල් අසල වන තදබදය අවම වන තෙක් පොලිස් නිලධාරීන් යොදවා රථවාහන පාලනය කිරීමටත්, කලහකාරී සිදුවීම් වැළැක්වීමටත් අවශ්‍ය උපදෙස් දෙන ලෙසත් පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.

Related posts

11 දෙනෙකු අතුරුදහන් කිරීමේ නඩුවේ පැමිණිලිකරු චුදිත වෙන ලකුණු. කරන්නාගොඩට CID සිතාසිත් ලැබී නෑ.

colombotoday

වී අලෙවි මණ්ඩලයෙන් කොළඹට අලුත් හාලක්

colombotoday

ෆොන්සේකා ඩීල් එකක් දාන්න හදලා, විරසකයට තවත් හේතුවක් ගැන අධිකරණ ඇමති කියයි.

colombotoday

‘‘මීඡවුම්‘‘ නිසා ප්‍රදේශ කිහිපයකට තද වැසි

Admin

දූෂණ විරෝධී සංශෝධන කෙටුම්පත සම්මත වෙයි

Admin

පාසල් සිසුන් ඇතුලත් කිරීම පිලිබද නිවේදනයක්

Admin