Colombo Today Local News

නිරෝධයන නීති නොතකමින් කොරෝනා පැණිය ගන්න ජන ගංගාවක් ධම්මිකගේ නිවසට

කොරෝනාවට දේශීය ඔසුවක් සොයාගත් බව කියන ඩී.එම්. ධම්මික බණ්ඩාර මහතාගෙන් ඖෂධය ලබා ගැනීමට මේවන විට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

කෑගල්ලේ, හෙට්ටිමුල්ලේ, උඩුමාගම පිහිටි ඩී.එම්. ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට විශාල පිරිසක් පැමිණීමෙන් එම ප්‍රදේශයේ මාර්ග අවහිර වී ඇතැයිද ආරංචි මාර්ග පවසයි.

අදාළ ඖෂධය ඔහුගෙන් ලබා ගැනීම සඳහා මෙලෙස රැස්ව සිටින ජනතාව පාලනය කිරීමට පොලිස් නිලධාරීන් යොදා ඇති බවද වාර්තා වේ.

ඒ මහතාගේ නිවසට පැමිණ ඇති අති විශාල ජනතාව රැස්ව ඇති ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වල හුවමාරු වෙමින් තිබෙනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් මෙලෙස ඒ මහතා ජීවත්වන උඩුමාගම ප්‍රදේශයට පැමිණෙන ඇති විශාල ජනතාව හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව අතරත් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් ඇතිව තිබෙන බවට ප්‍රදේශවාසින් චෝදනා කරනවා.

Related posts

මසුන් මැරීමට ඩයිනමයිට් දැමූ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකුගේ අත් කකුල් කැඩී වෙන්වී යයි

colombotoday

“ඒක එතුමගෙ පුද්ගලික මතය පමණයි“.. සුජීව ජනපතිව හෑල්ලුවට ලක්කරයි !

colombotoday

දැනට භාවිතයේ පවතින ත්‍රීරෝද රථ ඉවතට… පුංචි කාර් ගන්න ණයක්….

colombotoday

සම්පායෝගේ සහෝදරයන්ගෙන් CIDය ප්‍රකාශ ලබා ගනී

colombotoday

පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 17.5 ට නගී

colombotoday

සරත් ෆොන්සේකාගේ රැළියට අද කිහිපදෙනෙක් සහභාගී වෙයි

Admin