රටේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව දිගුකාලීනව පාලනය ගෙනයාම රටේ ප්රජාතන්ත්රවාදයට අහිතකර බවත් ඒ ආකරයට දිගුකාලීනව පාලනය කරනු ලැබුවහොත් රටේ ජනයා විකල්ප සෙවීමට පෙළඹෙන බවත්, එම විකල්පය බොහෝවිට ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් හෝ අන්තවාදී, ජාතිවාදී, ගෝත්රිකවාදී කණ්ඩායම් හිස එසවීමක් විය හැකි බව සමාජ සවිබලගැන්වීමේ හා සමාජ සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (07)මහනුවර පැවති සමෘද්ධි පොළට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.