මෙරට ඉඩම් චීනයට පමණක් නොව ඉන්දියාවටත් දෙන බවත්, කල් බදු ක්‍රමයට ඕනම රටකට ඉඩම් ලබා දීමට සූදානම් බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඉන්දීය රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්මෙන් ඔහු මේ බව කියා සිටියේය.
ගාල්ල ප්‍රදේශයේ ඉඩම් ප්‍රමාණයක් අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට ආයෝජන සදහා ලබාදෙන බවත්, වයඹ ඉඩම් කොටසක් ඉන්දියාට ලබා දීමට සාකච්ඡා කරමින් පවතින බවත් අගමැතිවරයා එහිදී සදහන් කළේය.