Colombo Today Local News

දිවයින් පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන තවත් දින 2ක් විවෘතයි

දිවයින් පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට (01) සහ අනිද්දා (02) දිනයේ විවෘතකිරීමට නියමිතව තිබේ.

තොග වෙ‍ළෙඳුන් සඳහා පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට අලුයම 04.00 සිට විවෘතව තැබෙන බව වාර්තා වේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය 20 වනදා රාත්‍රීයේ සිට දිවයිනම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරුණි.

මේ හේතුවෙන් මුල්වරට පසුගිය 25 සහ 26 වන දින සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතකිරීමට රජය කටයුතු කළේය.

ගොවින්ගේ අස්වනු අලෙවිකර ගැනීමට නොහැකි විම හේතුවෙන් යළි පසුගිය 28 සහ 29 යන දෙදින තුළ ද සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතකර තිබුණි.

පසුව නිරෝධායන ඇඳිරිනීතිය යළි සැප්තැම්බර් මස 06 වනදා දක්වා දීර්ඝ කිරීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට ලබාදීම සඳහා හෙට සහ අනිද්දා යන දෙදින ආර්ථික මධ්‍යස්ථාන විවෘතකිරීමට රජය තීරණය කර ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එහි පැමිණෙන ලෙස මැනිං පොදු වෙළෙඳ සංගමයේ අනිල් ඉන්ද්‍රජිත් මහතා වෙළෙඳුන්ගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

හඟුරන්කෙත තරුණයා ඝාතනයට පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

Admin

ජල පහරට හසුව පුද්ගලයෙක් අතුරුදන්

Admin

මන්කි පොක්ස් ආසාදිතයකු වාර්තාවීම ගැන බිය විය යුතු නෑ – වෛද්‍ය අසේල ගුණවර්ධන කියයි

Admin

අනුර කිවුවේ බොරු රේගුවෙන් විශේෂ ප්‍රකාශයක්

Admin

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට එරෙහි සිතාසිය බලරහිත කරයි

Admin

නිලධාරීන් බිය විය යුතු නැහැ – ජනපති

colombotoday