පසුගිය 2016 වර්ෂය තුල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ත්‍රී දූෂණ 63 ක් වාර්තාවී ඇති බව පොලිසිය කියයි.
දූෂණයට පත්වූ වන් අතරින් 10 ක් වයස අවුරුදු 16 ට අඩු දැරියන් වෙති. ඉතිරි 53 න් 49 ක්ම ප්‍රේම සබදතා මත සිදුවූ ඒවා බවට පොලිසිය පවසයි.
දෙමව්පියන් ,වැඩිහිටියන් හා ගුරුභවතුන් දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් මීටත් වඩා උනන්දුවෙන් කටයුතු කළහොත් ඉදිරියේ මෙම තත්ත්වය ඉතා අවම කරගත හැකිබව පොළොන්නරුව කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක විනිප්‍රීඩා සංජීවනී මහත්මිය පැවසුවාය.
පසුගියදා දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාලයේ පැවති විදුහල්පතිවරු දැනුවත් කිරීමේ වැඩසටහනකදී මෙම තොරතුරු අනාවරණය විය.