Colombo Today Local News

“බුද්ධි අංශ ඝාතන සිදුකළා නම් වගකීම ෆොන්සේකාගේයි“ හිටපු බුද්ධි ප්‍රධානී හෙන්දාවිතාරණ

පසුගිය රජය සමයේ යුද හමුදා බුද්ධි අංශ විසින් ආරක්‌ෂිත නිවස්‌න සහ රහසිගත හමුදා කණ්‌ඩායම් පවත්වාගෙන ගියේ නම් ඒ පිළිබඳව එවකට හමුදාපතිවරයා සහ බුද්ධි අධ්‍යක්‍ෂවරයා අනිවාර්යයෙන්ම දැනුවත්ව සිටිය යුතු බව ඒකාබද්ධ මෙහෙයුම් මූලස්‌ථානයේ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි කපිල හෙන්දාවිතාරණ මහතා පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.

මිනිස්‌ ඝාතන, පැහැර ගැනීම්, පහරදීම් සඳහා තමන් යටතේ සිටි බුද්ධි අංශ කල්ලියක්‌ යෙදවූ බවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නඟන චෝදනා සියල්ල ප්‍රතික්‌ෂේප කරන බව ද කපිල හෙන්දාවිතාරණ මහතා මෙහිදී පවසා තිබේ.

කීත් නොයාර් මහතා පැහැරගෙන යැම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ පසුගිය කාලසීමාවේ දී රටේ සිදුවූ අභිරහස්‌ අපරාධ රැසක්‌ සිදු කළේ එවකට ජාතික බුද්ධි ප්‍රධානි කපිල හෙන්දාවිතාරණ මහතා යටතේ සිටි කල්ලියක්‌ විසින් බවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා රහස්‌ පොලිසිය හමුවේ ප්‍රකාශයක්‌ ලබාදී තිබිණි.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කපිල හෙන්දාවිතරණ මහතා රහස්‌ පොලිසිය හමුවේ පෙනී සිටි අවස්‌ථාවේ මේ බව කියා සිටියේය.

මෙම අපරාධ යුද හමුදා බුද්ධි අංශ විසින් කළ බවට චෝදනා එල්ල වන්නේ නම් එවකට හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකා මහතාට එහි වගකීමෙන් මිදිය නොහැකි බව ද හෙන්දාවිතාරණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

– දිවයින

Related posts

නිවුන් දරුවන් බිහි කළ මව වේදනාව දරා ගන්න බැරුව මිය ගියාද?

Admin

අයි.එස්.අයි.එස් සමඟ සම්බන්ධතා පැවැත්වූ ව්‍යාපාරිකයකු රිමාන්ඩ්

colombotoday

පරිසර අමාත්‍යාංශයට අලුතින් නිලධාරින් 136ක්

colombotoday

පොදු අපෙක්ෂකයා මෛත්‍රීමයි.. 2025 දක්වාම මේ ආණ්ඩුව කරනවා – රාජිත කියයි

colombotoday

බැන් කී මූන් එයි.. ආ පයින්ම උතුරට !

colombotoday

DAT දීමනාව සම්බන්ධයෙන් සාකච්චාවක්

Admin