Colombo Today Local News

මනමාලිගේ සැමියා මංගල දා රැ 51කේ මනමාලයාගේ ගෙල කපා මරාදමලා

කොම්පඤ්ඤවීදිය ඩෝසන් පාරේ පැවැති විවාහ මංගල උත්සවයත් අතර තුර ඇති වු ආරවුලකින් මනාලයා ගෙල කපා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මනාලියගේ පළමු විවාහයේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මොහාමඩ් ශ්‍යාබිඩීන් (51) නමැති පුද්ගලයකු වන අතර , ඔහු ත්‍රිරෝද රථ රියදුරෙක් වශයෙන් රැකියාව කර ඇති බවද පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා ඊයේ (16)දින සිය විවාහය ලියාපදිංචි කර රාත්‍රියේ නිවසේ මංගල උත්සවය පවත්වා ඇති බවත්, මංගල උත්සවය පැවැත්වෙන අතරතර තුර රාත්‍රි 10.00 ට පමණ මනාලියාගේ කලින් විවාහයේ සැමියා පැමිණ මනාලයා සමග ආරවුල් ඇති කරගෙන කඩදාසි කපන පිහි තලයකින් ඔහුගේ ගෙල කපා දමා ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇති මනාමාලයා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යනවිටත් මියගොස් ඇති බවට වෛද්‍යවරුන් දැනුම් දුන් බව පොලිසිය කියයි.

සිද්ධියෙන් පසු සැකකරු පැනගොස් ඇති අතර අද පෙරවරුවේ ඔහු කොමපඤ්ඤවීදිය පොලිසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. මනාලිය මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පදිංචි (48) හැවිරිදි කාන්තාවක් බවත්, ඇයට පළමු විවාහයෙන් වැඩිමහල් දියණියක් ද සිට ඇති බව පොලිසිය පවසයි.

Related posts

මන්නාරමේ සිංහල සොහොන් අන්තවාදීන් කඩා දමයි

Admin

අන්තරේ විරෝධයට පොලිසියෙන් ජල හා කදුලු ගෑස් ප්‍රහාර

colombotoday

පාසල් ආරම්භක දිනය යලි කල් යයි

colombotoday

මුලින් එපා කී ලයිට් රේල් වේ නැවත හදුන්වා දෙන බව අනුර කියයි

Admin

‍”නෝර්වේ උපදෙසින් හදන නව ව්‍යවස්ථාවෙන් උතුර -නැගෙනහිර ඒකාබද්ධ කරන්න” TNA ඉල්ලයි

colombotoday

හිටපු ජනපති මෛත්‍රී නැවතත් ජනතා කැමැත්ත උරගා බලන්න යයි !

colombotoday