Colombo Today Local News

ජෝන්ද සිල්වා රඟහල විකිණීමට සූදානම්.. යහපාලන කලාකරුවෝ ආණ්ඩුවට එරෙහිව අවි අමෝරති !

අලුතින් ඉදි කිරීම සඳහා කඩා ඉවත් කරනු ලැබූ ජෝන්ද සිල්වා සමරු රඟහල පරිශ්‍රය ආණ්ඩුව පුද්ගලික අංශයට පැවරීමේ සූදානමක් පවතින බව සමාජවාදී කලා සංගමය පවසයි.

ඇතිවෙමින් පවතින තත්ත්වය පිළිදබදව ඔවුන් විසින් පසුගිය (28) වනදා මාධ්‍ය හමුවක් කැදවා තිබුණු අතර, වත්මන් රජය බලයට ගෙන ඒ සදහා කැපවූ කලාකරුවන් පිරිසක් එයට සහභාගී වී සිටියහ.

එහිදී අදහස් දැක්වූ රංගන ශිල්පිනී දීපානි සිල්වා “අවස්ථා කිහිපයකදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කලාකරුවන් හමුවූ විටදීත් ජෝන්ද සිල්වා සමරු රඟහල නාට්‍යකරුවන් වෙනුවෙන් ඉක්මනින් ඉදිකර දෙන ලෙස ඉල්ලීම් කළා. ඔහු අපට පොරොන්දු වුණා ඉතා ඉක්මනින් ඒ පිළිබඳව සොයා බලා නිසි පිළියම් යොදන බව. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට මේ වනවිට වසර දෙකක් ගෙවිලා ගියත් සිදුවෙමින් තිබෙන්නේ ජෝන්ද සිල්වා සමරු රඟහල නාට්‍යකරුවන්ට අහිමි වී යාමේ තත්වයක්“

එහිදී අදහස් දැක්වූ නාට්‍ය වේදී ප්‍රේමරත්න තෙන්නකෝන් මහත් “මේ යහපාලන ආණ්ඩුව බලයට පත් වුණේ කලාකරුවන්ට වඩා හොඳින් කලාකටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයනවා කියලා. නමුත් මේ වනවිට සිදු කෙරෙමින් තිබෙන්නේ කලාකරුවන් සතු අවම පහසුකම් පවා කප්පාදු කරමින් යන ගමනක්. පසුගිය දවසක රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී හෙළිදරව් වී තිබෙනවා රජයේ සෘජු මැදිහත් වීම යටතේ තිබූ ජෝන්ද සිල්වා සමරු රඟහල නැවත ඉදිකිරීම දෙවැනි අදියරේ සිට පුද්ගලික අංශය සඳහා පැවරීමට ආණ්ඩුව තීන්දුවක් ගෙන ඇති බව. දැනට ජෝන්ද සිල්වා රඟහල කඩා වසර හයකට වඩා වැඩි කලක් ගතවෙලා තිබෙනවා. ඉතිරි ඉදිකිරීම් වෙනුවෙන් තව මිලියන 1000ක මුදලක් අවශ්‍ය බව පැවසෙනවා. ඒ අරමුදල සොයා ගැනීම සඳහා පෞද්ගලික අංශය දායක කර ගැනීමට අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ආර්ථික කළමනාකරණය පිළිබඳව කැබිනට් අනුකමිටුව තීරණය කර තිබෙනවා. මේක පැහැදිලිවම ජෝන්ද සිල්වා රඟහල පෞද්ගලික අංශයට පැවැරීමේ ආණ්ඩුවේ සැලසුමේ එක් පියවරක්“

Related posts

මූල්‍ය අරමුදලත් දැන් තාලය වෙනස් කරලා – කිරිඇල්ල මූල්‍ය අරමුදලින් ප්‍රශ්නයක් අහයි

Admin

“දුම්පානය කරන්නෝ මෝඩයෝය” – වවුනියාවේ ප්‍රචාරක පෙළපාළියක්

colombotoday

මාසෙන් මාසෙට වෙනස්වෙන ඇමති මණ්ඩලේ කාළගුණේ වගේ.. ආණ්ඩුව ජනවරමට පයින් ගැහුවා !

colombotoday

මත් ජාවාරමුන් එල්ලා මැරීම ස්තීරයි… ළගදීම ක්‍රියාත්මක කරනවා – ජනපති නැවතත් කියයි

colombotoday

ඇමතියෙක් බිෂොප් විදුහල අසල ගණිකා නිවාසයක් දාලා

colombotoday

හිටපු උපකුලපතිවරයාට පහර දීම : තවත් දෙදෙනෙක් භාරවෙයි

Admin