Colombo Today Local News

ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් ගංජා ඉල්ලයි.

ස්වයංව ප්‍රතිශක්තීකරණය වර්ධනය කර ගැනීමට කංසා නීතිගත කරන ලෙස ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් තුසිත බාලසූරිය මහතා රජයෙන් ඉල්ලා සිටී.

ලෝකය පුරාම ස්වයංව ප්‍රතිශක්තීකරණය වර්ධනය කර ගැනීමට කංසා භාවිතා කරද්දී ආයුර්වේද ඖෂධයක් මෙන්ම දේශීය ඖෂධයක් වන කංසා භාවිතා කිරීමට මෙරට පුරවැසියන්ට අවසර නොමැති වීම කණගාටුවට කරුණක් බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසයි.

කොවිඩ් 19 ට ගංජා දිව ඔසුවක් ලු

එම නිසා වැඩිහිටියන්ගේ භාවිතය සඳහා නියාමනයක් සහිතව කංසා නීතිගත කරන ලෙස ඔහු රජයෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

දේශීය වෙදකමට හා ආයුර්වේදයට පුරාතනයේ සිට යොදා ගන්නා කංසා වැනි ඖෂධ ලෝකයේ පවතින නව දැනුම හා තාක්ෂණය සමඟ මුසු කොට වසංගතය පාලනයට යොදා නොගෙන පැණි මුට්ටි, දුම් හට්ටිවලට ආයුර්වේදය කොටු කිරීමෙන් සිදු වුයේ දේශීය වෙදකම ගැනත්, ආයුර්වේදය ගැනත් ජනයා අතර වු විශ්වාසයට හානි වීමයි. එමගින් මෙරට වසංගතය පාලනයෙන් ගිලිහී යාමත්, විශාල ගණනක් ජීවිත හානි සිදු වීමත් ගැන ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ඇත්තේ දැඩි කණගාටුවක් බව ඔහු සඳහන් කරයි.

දේශීය හා විදේශීය පර්යේෂකයන් විසින් පෙන්වා දෙන පරිදි කොරෝනා රෝගයේ මාරාන්තික තත්වය වන කොවිඩ් නිව්මෝනියා තත්වය තත්වය පාලනය කිරීමට කංසා යොදා ගත හැකි බව පර්යේෂණ ගණනාවක් ඔස්සේ දැනටමත් තහවුරු කර ගෙන ඇති බව ඔහු පවසයි.

කංසාවල අඩංගු කැනබිඩියෝල් නම් රසායනික සංයුතිය මඟින් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්වයන් නිව්මෝනියාව දක්වා වර්ධනය වීම වළක්වාලන බවත්, කංසා මල්වලින් සහ කංසා කොළවලින් ලබාගන්නා කංසා තෙල්වල අඩංගු කැනබිඩියෝල් රසායනය මෙන්ම සෙසු රසායනයන්ද කොරෝනා මර්ධනට වැදගත් බව ඉන්දියාවේ ආයුර්වේද පර්යේෂකයන් පෙන්වා දෙන බව ඔහු එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කංසා නිසා ඇති වන ආහාර රුචිය නිසා ශරීරය දුර්වල වීම මගහැරී ගොස් ප්‍රතිශක්තිය වර්ධනය වන අතර කංසාවල ඇති වේදනානාශක ගුණය නිසා කොරෝනා රෝගීන්ට හටගන්නා ඇඟපත වේදනාව පහව යන බවද පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත.

විශේෂයෙන් පවුලෙන් හුදෙකලා වීම නිසා ඇති වන සාංකාව වැනි මානසික තත්වයන්ට කංසා දිව ඔසුවක් බව මානසික සෞඛය පිළිබඳ පර්යේෂකයින්ගේ අදහස බව ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් තුසිත බාලසූරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Related posts

ගම්දෙවනත් කළ අවිගත් කල්ලිය සොයා මෙහෙයුම්

colombotoday

විදේශිකයින්ට අරමුදල් සියරට යැවීම සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

ජනපති ලේකම්ගෙන් තවත් ගැසට් පත්‍රයක්. | ඇමතිවරු තිදෙනෙකුගේ විෂයන් සංශෝධනය කරයි.

colombotoday

රියදුරු බලපත්‍ර අලුත්කිරීමේ කාලය දීර්ඝ කරයි.

colombotoday

මාලදිවයින් ජනාධිපති තෙදින සංචරයකට දිවයිනට

colombotoday

හිරුනිකාගේ ජීවිතය ගැන වගකීම රජය ගත යුතුයි. | දුමින්ද නිදහස්වීම ගැන ෆොන්සේකාගේ අදහස

colombotoday