World

මියන්මාර් හමුදාවට එරෙහිව UN මානව හිමිකම් නිර්දේශ, මියන්මාර් රජය ප්‍රතික්ෂේප කරයි

මියන්මාර් හමුදාව එරට ‘රොහින්ගියා‘ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව අපචාර සිදු කරන බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීම සදහා දූත මණ්ඩලයක් එහි යැවීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තීරණය කර තිබෙනවා.

මියන්මාර් හමුදා භටයන් විසින් රොහින්ගියා වැසියන්ට එරෙහිව සමූහ දූෂණ සහ සමූහ ඝාතන සිදු කරන බවත්, එනිසා දස දහස් ගණනක් රොහින්ගියා මුස්ලිම් පිරිස් අසල්වැසි බංග්ලාදේශයට පලා ගොස් ඇති බවත්, පසුගිය මාසයේ නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ වාර්තාවක් මගින් චෝදනා කර තිබිණි. එයට වගකිව යුතු හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගන්නා ලෙසත් එක්සත් ජාතීන්ගේ නව යෝජනාව මගින් නිර්දේශ කර ඇත.

එහෙත් තම හමුදාවට එරෙහිව එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, එක්සත් ජාතීන්ගේ නිර්දේශ භාර ගැනීමට තමන් කිසිසෙත් සූදානම් නොමැති බවත් මියන් මාර් රජය ප්‍රකාශ කර ඇත. මියන්මාර් රජයේ ප්‍රකාශ උපුටා දක්වමින් මියන්මාර පුවත් සේවා පවසන්නේ, රොහින්ගියා ප්‍රජාව විසින් සිදුකරන ලද ප්‍රචන්ඩ ක්‍රියා මැඩපැවැත්වීම සහ රට තුළ සාමය ආරක්ෂා කිරීම සදහා රජයේ හමුදාව නීත්‍යානුකූලව කටයුතු කර ඇති බවයි. එබැවින් තම හමුදාවන්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ නිර්දේශ පිළි නොගැනීමට මියන්මාර් රජය තීරණය කර තිබේ.

Related posts

ෆේස්බුක්, වට්සැප් බිඳ වැටීමෙන් ට්විටර් වාර්තාවක් තියයි | සමාජ ජාලා බිඳ වැටීමට හේතුව එළියට

colombotoday

ලොව උසම සුනකයා මිය යයි

Admin

ගවමස් වල ගුණ ලියූ සඟරාවක කර්තෘගේ රැකියාවට අගුණ වෙයි.

colombotoday

ඉන්දියාවේ සහායත් ඊශ්‍රායලයට

Admin

ජර්මනියේ දේවස්ථානයක වෙඩි තැබීමක් – 06 දෙනෙකු මරුට

Admin

ඇමෙරිකාවේ ජනතාව කැළබෙයි පොලිස් ස්ථානවලට ප්‍රහාර, ජනපති ට්‍රම්ප් නූලෙන් බේරෙයි!

colombotoday