Colombo Today Local News

පූටීන් හමුවීම ගැන මෛත්‍රී ආඩම්බරයෙන් !

දශක හතරකට පසුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට රුසියාවේ නිල සංචාරයක් සදහා ආරාධනා ලැබුනු පළමු අවස්ථාව සනිටුහන් කරමින් රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර නිල හමුව අද (23) පස්වරුවේ පැවැත්විණි.

රුසියානු ජනපති නිල මන්දිරය වන ක්‍රෙම්ලින් මන්දිරය වෙත පැමිණි ශ්‍රී ලංකා ජනපතිවරයා රුසියානු ජනපතිවරයා විසින් උණුසුම්ව පිළිගනු ලැබීය.

රාජ්‍ය නායක දෙපළ අතර පැවති සුහද කතාබහෙන් අනතුරුව ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණු අතර, දෙරට අතර ද්විපාර්ශ්වික සබදතාවලට වසර 60ක් සපිරෙන අවස්ථාවේ සිදුවූ මෙම හමුව පිළීබදව සිය සතුට පල කළ රුසියානු ජනාධිපතිවරයා, දෙරටේ ආර්ථික වෙළද මෙන්ම දේශපාලන සබදතා තව දුරටත් ශක්තිත්ව ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බවද පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට කටයුතු කරන බව රුසියානු ජනපති වැලැද්මීර් පූටීන් මහතා ප්‍රකාශ කළේය.

රුසියාවේ සංචාරය කරන ලෙස නිල ආරාධනාවක් කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පලකල ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ලොව බලවත් නායකයෙකුගෙන් හිමි වූ කුළුපග මිත්‍රශීලීත්වයට පිළිබදව තමන් ඉතා ආඩම්බර වන බවත්, මෙම ආරාධනය දෙරටේ සබදතා ශක්තිමත් කරගැනීමට ලැබුණු අනර්ඝතම අවස්ථාවක් ලෙස සලකන බවත් පවසා සිටියේය.

Related posts

ත්‍රිවිධ හමුදාවට, පොලිසියට ජාතික සමගිය ඇති කරන්න බෑ… එය කළ හැක්කේ ජවිපෙ අපටයි…

colombotoday

රිය අනතුරක් සිදුකර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම: පාඨලී චම්පික රණවක මහාධිකරණයෙන් ඇප.

colombotoday

පුපුරන ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් බෝයවලානේ දී අල්ලයි

Admin

ශ්‍රී ලංකාවට දෙන ඕනෑම ණයක් සඳහා ණය තිරසර බවට සහතිකයක් අවශ්‍යයි-IMF

colombotoday

අයි.එම්.එෆ් යෝජනාවට නිදහස ජනතා සභාවේ ඡන්දය නෑ

Admin

බදියුදීන් මුස්ලිම් පල්ලි ඉදිකිරීමේ බලය මුස්ලිම් අමාත්‍යාංශයකට ඉල්ලයි !

colombotoday