Colombo Today Local News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට උපදේශක සභාවේ අනුමැතිය

ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ.

විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට පෙබරවාරි 10 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ප්‍රකාරව සංශෝධිත පනත් කෙටුම්පතට උපදේශක කාරක සභාවේ එකඟත්වය හිමිවූ අතර එම වාර්තාව පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කෙරේ.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට දැනටමත් ඇතුළත් කරනු ලැබ ඇත.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක, මධුර විතානගේ, (ආචාර්ය) සුරේන් රාඝවන්, (මහාචාර්ය) චරිත හේරත් සහ ඉසුරු දොඩංගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Related posts

තහනම නොතකයි.. පොංගු තමිල් ස්මාරකය යාපන විශ්වවිද්‍යාලයේ විවෘත වෙයි… උතුරට ස්වයංපාලනය ඉල්ලයි…

colombotoday

සාමාන්‍ය පෙළ අසමත් DIG, මහසෝන් බලකායෙන් මරණ තර්ජන කියා යුරෝපයට පනින්න සුදානම්

colombotoday

නීතිවිරෝධිව මසුන් ඇල්ලීම වහා නවත්වන්න පියවර ගන්න – ජනපති දැනුම් දෙයි !

colombotoday

සා.පෙළ විභාගය මැයි

colombotoday

දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 8ක් හුදකලා කෙරේ

colombotoday

දෙවනගල ප්‍රේරණ කලාපය සලකුණු කිරීම ඇරඹෙයි.

colombotoday