Colombo Today Local News

රන් පවුමයක මිල තවත් නගී

ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (14) පස්වරුව වන විට රුපියල් 140,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

අද දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 150,000 ක් බවට පත්ව ඇති බවත් රත්තරන් ආනයනයට ඩොලර් නොමැතිවීම නිසා රට තුළ දැඩි රන් හිඟයක් ද පවතින බවයි කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් සදහන් කරන්නේ.

රත්තරන් මිල මෙලෙස අනපේක්‍ෂිත මිල ඉහළ යෑමත් සමඟ ජනතාව අපහසුතාවට පත්ව ඇති අතර විවාහ මංගල්‍ය යෙදී තිබෙන පිරිස මෙයින් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

රුසියාව සහ යුක්රේන අතර පවතින යුද්ධමය තත්වය මෙම අනපේක්‍ෂිත රත්තරන් මිල ඉහළ යෑමට හේතු වී ඇති අතර ලෝක වෙළෙඳපොලේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් 1975 ක් බවට පත්ව තිබේ.

Related posts

පාර්ලිමේන්තුව අවට උණුසුම් තත්වයක්… විරෝධතාකරුවන්ට කඳුලු ගෑස්-ජල ප්‍රහාර

colombotoday

මහ බැංකු පොලී අනුපාත තවත් පහළට

Admin

ජනපති-අගමැති එක්වී චීන ජෝඩු 100ක් කරකාර බන්දවයි.. රාජකීය මගුල කොළඹදී !

colombotoday

මේ ජාතිකවාදී මත දරන ගිහි-පැවිදි නායකයන්ට සිර කුටිය උරුමවන යුගයක් !

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන්ට ලොකු තනතුරක්.. පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘතියේ මුල් පුටුව දෙයි !

colombotoday

ඔලෙත්තෙඩුවායියෙන් මුහුදු ගිය ධීවරයන් තිදෙනෙකු අතුරුදන්

colombotoday