Colombo Today Local News

අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වහන්නැයි පාඨලි කියයි

මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වසා දැමීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම විදුලිබල මණ්ඩලය වහාම විශේෂඥ මණ්ඩලයකගේ පාලනයට භාර දිය යුතු බවද කොළඹදී අද(31)දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රණවක මහතා මේ බව පැවසීය.

ආණ්ඩුව පත්කළ සෞබාග්‍යමත් රටේ හැත්තෑ පන් ලක්ෂයක් විදුලි පරිභෝගිකයන්ට පැය විසි හතරෙන් පැය දහතුනක් විදුලිය නොමැතව ජීවත් වෙන්න සිදුව ඇතැයිද ඔහු පැවසීය.

විදුලි බලය නොමැතිව කුඩා පරිමාණයේ වෙළඳසැල් හාර ලක්ෂයකට අධික ප්‍රමාණයක් සහ දස ලක්ෂ සංඛ්‍යාත කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියල්ලම අද වැනසී යන තත්වයකට පත්ව ඇතැයිද හෙතෙම කීය.

කුඩා හා මධ්‍ය පරිමාණ වෙළඳ ස්ථාන ශීතකරණ භාවිතාවෙන් ආහාර හා ඖෂධ කල් තබා ගන්නා ස්ථාන අද ඉතාමත්ම භයානක අර්බුදයකට ගොදුරු වීමෙන් ආහාරවල ප්‍රමිතිය පිළිබඳ, ඖෂධවල ප්‍රමිතිය පිළිබඳ බලගතු ප්‍රශ්න මතුව ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනතාව ඉදිරියේ තියෙන අර්බුදය මේ ආණ්ඩුව තවදුරටත් තේරුම් ගෙන නැතැයිද රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමට කැප වනවා – අගමැති

colombotoday

මට්ටක්කුලියේ “නින්ජා” හෙරොයින් ගේද්දී මාට්ටූ

Admin

ශ්‍රී ලංකාවට 900 – 1000 Km අතර දුරකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක්

Admin

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපතිට බලයක් නෑ – රටම බලා සිටි අධිකරණ  තීන්දුව මෙන්න

colombotoday

අරගල භූමියේ කුඩාරම් කිහිපයක් ඉවත් කරගනී

colombotoday

බාලිකා පාසලට පැන්න ඇමති පුතා පොලිසියෙන් අල්ලයි… ඇල්ලූ සැනින් නිදහස්!

colombotoday