Colombo Today Local News

බාලිකා පාසලට පැන්න ඇමති පුතා පොලිසියෙන් අල්ලයි… ඇල්ලූ සැනින් නිදහස්!

ma s 232

අගනුවර පාසැල් අතර මේ දිනවල පැවැත්වෙන තරඟාවලි සඳහා ආධාර එකතු කිරීමට (හැට් කලෙක්ෂන්) කොළඹ ඉහලම පෙලේ බාලිකා විදුහලකට අනවසරයෙන් කඩා වැදුනු කොළඹ හතේ ඉහලම පෙලේ පිරිමි විදුහලක සිසුන් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් සිසුන් පිරිස අතර හම්බන්තොට ප්‍රදේශය නියෝජනය කරන ශ්‍රීලනිප ඇමතිවරයෙකුගේ පුතෙක් හා ඉහළ පෙළේ විනිසුරුවෙකුගේ පුතෙක්ද සිට ඇති අතර ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් සැනින් නිදහස් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

අත්අඩංගුවට ගත් ඉතිරි සිසුන් පිරිස අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු පිරිසකට ඇප නියම වී ඇති අතර අනෙත් පිරිස රඳවා ගැනීමට නියෝග කර ඇත.

මේ හේතුව මත බිග් මැච් කාලය නිම වන තෙක් කොළඹ බාලිකා පාසැල් බහුතරයක් පොලිස් ආරක්‍ෂාව ඉල්ලා ඇති බව වාර්තා වේ.

Related posts

බදුල්ලේ ලැයින් කාමරපෙළක ගින්නෙන් පුද්ගලයින් 50ක් අවතැන්

Admin

පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි.. ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday

සේනා කැබිනට්ටුවටත් රිංගයි…

colombotoday

සුසිල්, දයාසිරි රනිල් සමග පැටළේ.. තෙල් ටැංකි ගිවිසුමෙන් කැබිනට්ටුව යළි රත්වෙයි

colombotoday

ඊසි කෑෂ් මගින් සැකකරුවන්ගේ මුදල් ගත් නියාමකගේ වැඩ තහනම්.

colombotoday

රජයෙන් වතු පවුල් වලට මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලකට

colombotoday