Colombo Today Local News

සහරාන්ලා මඩකලපුවටත් ගහලා. වසර 3 ට පසු අනාවරණය වෙයි

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන සිටින මොහොමඩ් සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් 2018 වසරේදී මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ ස්ථාන දෙකකට කාල බෝම්බ ප්‍රහාර දෙකකට සම්බන්ධ බවට හෙළිව ඇතැයි පොලිසිය කියයි.

2018.02.06 දින පල්ලිය පාරේ නිවසකට හා සී බී කාසින් පටුමගේ ස්ථාපිත කර තිබු යහපාලනය සදහා වු ජාතික පෙරමුණු පක්ෂ කාර්යාලයට කාල බෝම්බ ප්‍රහාර 2 ක් පුපුරාවා හැර ඇති බවත්, එම පිපිරවීමේ සිද්ධියන් ද පාස්කු ප්‍රහාර මාලාවේ බෝම්බකරුවන් වන සහරාන් හසීම් කණ්ඩායමේ අනුගාමිකයන් විසින් සිදුකර ඇති බවට සිද්ධියෙන් වසර 3 ට පසු කරුණු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

කාන්තන්කුඩි බෝම්බ ප්‍රහාර දෙකේ කොටස් හා පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවේ නඩු භාණ්ඩ වශයෙන් ලබා ගත් කොටස් හා සැසදෙන බවට ද රජයේ රස පරීක්ෂකවරයා විසින් තහවුරු කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

කාතන්කුඩි බෝම්බ ප්‍රහාර දෙකේ සැකකරුවන් වසර තුනකට පසුව අනාවරණය කරගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් ඊයේ (2)දින මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

Related posts

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට විදෙස් ගමන්වලින් වළකින්න ජනපති දැනුම් දෙයි

Admin

ප්‍රතිව්‍යුහගතකරණයට මුවා වී රාජ්‍ය වැවිලි සමාගමත් විකිණීමට සැරසේ !

colombotoday

විශේෂ කාණ්ඩ කිහිපයකට ඉන්ධන කෝටාව වැඩිකරන්න යයි

colombotoday

බසයක පාපුවරුවෙන් ඇදවැටී පුද්ගලයෙකු අවසන් ගමන් යයි

Admin

“අගමැති රනිල් මෙතරම් ඉක්මනින් අපේ රෙදි ගැලවීම ඉතාම හොද දෙයක්“ – යහපාලන මහඇදුරු නිර්මාල්

colombotoday

හර්තාල් දින සේවයට නාවන් සොයයි

colombotoday