Colombo Today Local News

“මට විදේශ ඇමතිකම ඕන, මුදල් ඇමතිකම එපා.. ඒක ඔයා ගන්න“ – මංගල මලික්ට කියලා

ඉදිරි කැබිනට් සංශෝධනයකදී මුදල් අමාත්‍යධූරය, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාට ලබා දිය යුතු බවට ආණ්ඩුවේ ප්‍රධානීන්ට යෝජනා කොට ඇත්තේ එජාප සභාපති මලික් සමරවික්‍රම මහතා බව වාර්තා වේ. තිරයෙන් පිටුපස සිට එජාප සභාපතිවරයා එසේ කුමන්ත්‍රණය කරමින් සිටින්නේ ඔහු හා මුදල් ඇමති රවී කරුණානායක අතර පවතින පුද්ගලික විරසකයක් හේතුවෙනි.

තමාගේ නම මුදල් ඇමතිධූරය සඳහා මලික් සමරවික්‍රම මහතා යෝජනා කර ඇති බව දැනගත් මංගල සමරවීර මහතා මලික් අමතා ප්‍රකාශ කොට ඇත්තේ ‘ මුදල් ඇමතිකම මට එපා. මේ ඉන්න විදිහට මට ඉන්න දෙන්න. ඔච්චරම ඕන්නම් ඇයි ඔයා මුදල් ඇමතිකම ගන්නැත්තෙ? චරිතල පාස්කරලිංගම්ලත් එක්ක මට වැඩිය හොඳට ඔයාට වැඩ කරන්න පුළුවන්නෙ. ඒක නිසා වැඩේට සුදුසුම කෙනා ඔයා. අපිව ගාවන්නෙ නැතුව වැඩේ කර ගන්න’ කියාය. නමුත් එහිදී තමා එවන් යෝජනාවක් කළ බව මලික් සමරවික්‍රම මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතරතුර ජනාධිපතිවරයා තමාට හිතවත් ශ්‍රීලනිප ප්‍රභලයින්ගෙන් මුදල් ඇමති ධූරය වෙනස් කිරීම පිළිබඳව කළ විමසීමකදී ඔවුන් පවසා ඇත්තේ ඒ සඳහා සුදුසුම පුද්ගලයා චම්පික රණවක අමාත්‍යවරයා බවයි.

Related posts

“කාන්තන්කුඩි, කල්මුනේ ප්‍රදේශවල නිතරම මුස්ලිම් ගැටුම්” – එම්. ඉන්තිකාබ් (සුන්නහ් ට්‍රුස්ට් ශ්‍රී ලංකා)

colombotoday

“රතන හිමි අපට හිරිහැරයක්.. මන්ත්‍රී ධුරය අයිති හෙළ උරුමයටයි“ – චම්පික

colombotoday

උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්න, FCID ය ජාත්‍යන්තර වරෙන්තුවක් ඉල්ලයි

colombotoday

BRAKING : බොදු බල සේනා සහ සිංහල රාවය කුරගල යයි

colombotoday

“වෙනස විශ්මයජනකයි.. ව්‍යවස්ථාව සම්මතකර ගැනීමට සියළු ක්‍රියාමාර්ග ගෙන අවසන්“ සම්බන්ධන්

colombotoday

දින 25ක කාලයක් සඳහා නොරොච්චෝලේ වසා දමයි

Admin