Colombo Today Local News

අලුත් ව්‍යවස්ථාව ගොඩදාන්න මහජන මතය හදන වැඩේ රාජිතට !

අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් වූ ජනමත විචාරනයක් සඳහා ජනමතය සැකසීමේ ප්‍රචාරක මෙහෙයුම අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත පැවරී ඇතැයි වාර්තාවේ.

පසුගියදා රජයේ මාධ්‍ය ආයතන ප්‍රධානින් කිහිප දෙනෙකු කැඳවා ඇති අමාත්‍යවරයා, ජනාධිපතිවරයා හා අගමැතිවරයා එම වගකීම තම වෙත පවරා ඇතැයි පවසා තිබේ.

ඒ අනුව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිවිල් සංවිධාන රාශියක් සමග ඒකාබද්ධව එම ප්‍රචාරක මෙහෙයුම රාජ්‍ය මාධ්‍ය ආයතන හරහා පළමුව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

කෙසේවුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයකගේ මෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමයේ මතය වී ඇත්තේ, නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයකට නොයා යුතු බවයි.

එහෙත්, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා ජිනීවාහි දී අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරනයකට යායුතු බව කියා සිටියේය.

මතුවට ජන වාර්ගික ගැටුම් ඇති නොවන බව තහවුරු කර ගැනීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් ක්‍රියාවලියක් යහපාලන රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවත් එය ජනමත විචාරණයකට යොමුකරන බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා ජාත්‍යන්තරය හමුවේ සහතික විය.

Related posts

ඇමති රාජිතගේ ප්‍රකාශය තවත් ප්‍රභාකරන් කෙනෙකු නිර්මාණය කිරීමට පාර කැපීමක්…

colombotoday

පහළොස් හැවිරිදි නැගණිය හෙරොයින් ජාවාරම්කරුවකුට විකුණා අක්කා කුඩු ගහලා

colombotoday

රුසියා භූමි හමුදා ප්‍රධානී හෙට දිවයිනට

colombotoday

උද්ධමනය සියයයට 3.8 කින් පහළට

Admin

දිවයිනට පැමිණි ගෑස් නැවක සාම්පල පරීක්ෂාකෙරේ

colombotoday

‘අසාධාරණ බදු සංශෝධනය වහා හකුලා ගනු’ – ලංවිම සේවකයෝ නව බදු ක්‍රමයට විරෝධය දක්වති

Admin