නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලාගාරයේ බිඳවැටුණු තුන්වැනි විදුලි ජනන යන්ත්රය යථා තත්ත්වයට පත්කිරීමෙන් පසුව අද (31) පෙරවරුවේ නැවත ජාතික විදුලි පද්ධතියට එක්කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පවසයි.
එම විදුලි ජනන යන්ත්රයෙන් මෙගාවොට් 160 ක විදුලියක් ජනනය කිරීමේ හැකියාව ඇති බැවින් විදුලි සැපයුම කප්පාදුව පිළිබඳව තව දුරටත් සිතාබැලිය හැකි තත්වයක් ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.