Colombo Today Local News

නැව මුදාහැරීමට සෝමාලි මුහුදු කොල්ලකරුවන් කප්පම් ඉල්ලයි.. නැව බේරාගන්නා හැටි සේනාධිපති කියයි (Video)

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නෞකාව මුදාහැරීම සඳහා සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් කප්පම් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

යුරෝපා සංගම් නාවික බලකාය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. ඉල්ලා ඇති කප්පම් මුදල මෙතෙක් තීරණය කළ නොමැති බවද වාර්තා වේ.

මේ අතර ආණ්ඩුව ලිඛිත ඉල්ලීමක් කළහොත් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් සමඟ ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට සාකච්ඡා කළ හැකි බව ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම්ස් හි සභාපති නිශ්ශංක සේනාධිපති මහතා කියයි.

වසර 2012 දී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ වැඩිම තර්ජන තිබූ කාලයේදී, එක්සත් ජාතීන්ගේ හමුදා පවා එම කොල්ලකරුවන් සමඟ ගැටුමට පසු බැස සිටි අස්ථාවේ ලාංකික ආරක්ෂක සාමාජිකයන් සමඟ තම සමාගම නැව් ආරක්ෂා කරමින් එම කොල්ලකරුවන්ගේ කටයුතු නවතා දැමීමට කටයුතු කළ බවද ඔහු කීය.

වසර 2012 සිට 2014 දක්වා කාලයේදී සෝමාලියානු කොල්ලකරුවන් දැඩි ලෙස පසු බැස්සවීමට තම සමාගම සමත්වූ බවද ඔහු හෙළි කළේය.

එම කාලයේදී ප්‍රහාර 38ක් සෝමාලියානුවන්ගෙන් සිදුවූ බවත් ඉන් 09 දෙනෙකු සිය සමාගමේ දිවිපිදූ බවත් සිහි කළ ඒ මහතා කෙසේවුවද සිය සමාගමේ යුද ශක්තිය හේතුවෙන් සෝමාලියානුවන් මෙල්ල කළ හැකි වූ බවද සේනාධිපති මහතා කීය.

මුහුදු කොල්ලකරුවන් පැහැර ගැනීමක් සිදු කළ අවස්ථාවකදී ඔවුන් ගලවාගන්නා ක්‍රමවේදයක් සිය සමාගම සකස් කර ඇති බවද ඔහු හෙළිකළේය.

එය මාස හතකට ආසන්න කාලයක් අධ්‍යනය කර සොයාගත් එකක් බවත්, සෝමාලියානු කොල්ලකරුවන් පැහැර ගැනීමෙන් පසුව නිදහස ලැබූ අයකු සිය සමාගමට සේවයට ගෙන මේ කාරණා සොයාගත් බවත් ඔහු පැවසීය.

පැහැර ගැනීමක් සිදු කළ අවස්ථාවකදී ඔවුන්ගෙන් බේරා ගැනීමට තමා සතුව රහස් ක්‍රමයක් ඇති බවද කී නිශ්ශංක මහතා එය හෙළිකළ නොහැකි බවද කියා සිටියේය.

කෙසේවුවද, මේ පැහැරගෙන ඇත්තේ ලාංකිකයන් බැවින් රජය ලිඛිතව තමන්ගෙන් ඔවුන් බේරා ගැනීමට ඉල්ලීමක් කළ හොත් එයට මැදිහත්වන බවද ඔහු කියා සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේ කීය.(හඬ පටය)

Related posts

ISISට ගහගන්න බැරි සුද්දෝ ශ්‍රී ලංකා හමුදාව පුහුණු කරන්නට ඉල්ලීම විහිළුවක් නොවන්නේද?

colombotoday

ජනපති, අගමැති අතර සීතල යුද්ධයක්.. ඇමතිවරු ගහගන්නවා.. මෙහෙම ආණ්ඩුවක් කරන්න බෑ

colombotoday

අපට බෞද්ධ ඡන්ද නැතිවුණේ හාමුදුරුවෝ හිරේ දාපු නිසයි.. පරාජයට හේතු හරීන් අගමැති ඉදිරියේ දිගහරී

colombotoday

ආණ්ඩුවේ දැනට කැබිනට් ඇමතිලා 47යි, රාජ්‍ය ඇමතිලා 20යි, නියෝජ්‍ය ඇමතිලා 25යි.. තව ඇමතිවරු මග එනවා

colombotoday

බස් ගාස්තු 4%ක් වැඩි කිරීමට අනුමැතිය.. 20 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි…

colombotoday

ලංකාවේ ප්‍රථම දාගැබ ගැන සඳහන් සෙල්ලිපිය මතින් කොන්ක්‍රිට් බැම්මක් ඉදිකරයි !

colombotoday