Colombo Today Local News

දේශීය මත්පැන් වලටත් ආරක්ෂිත ලේබලයක්

දේශීය වශයෙන් මෙරට නිෂ්පාදනය කරන මත්පැන් මත ආරක්ෂිත ලේබලයක් හඳුන්වාදීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

රජයේ භාණ්ඩාගාරයට අයවිය යුතු බදු මුදල් වැඩි කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

එසේ ආරක්ෂිත ස්ටිකර් සහිත මත්පැන්වෙළෙඳපොළට පැමිණීමට පෙර වෙළෙඳපොලේ ඇති අංක රහිත මත්පැන් තොග අවසන් වීමට නියමිත බවත් ඒ සඳහා මාස 3ක කාලයක් ලබාදෙන බවත් ඒ මහතා පවසයි.

2022 අප්‍රේල් පළමු දින වන විට දිවයින පුරා සමස්ත වෙළෙඳපොලේ අලෙවි වන සියලුම මත්පැන් තොග මත මෙම ආරක්ෂිත ස්ටිකරය අපේක්ෂා කරන බව ඔහු කියා සිටී.

දැනට වසරකට පමණ පෙර සිට ආනයනික මත්පැන් මත මෙම ආරක්‍ෂිත ලේබලය ඇලවීම ක්‍රියාත්මක කර ඇත.

නීති විරෝධී මත්පැන් වර්ග දේශීය මත්පැන් වෙළඳපලට ඇතුළත් වීම වැළැක්වීම සඳහාත්, නීති විරෝධී ලෙස ආනයනය කරනු ලබන මත්පැන් වර්ග දේශීය වෙළෙඳපොළට ඇතුළත් වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුළ අලෙවි කරනු ලබන සියලුම දේශීය හා විදේශීය මත්පැන් මත අයවිය යුතු අදාළ බදු මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයට අය වීම සඳහා ආරක්ෂිත මුද්‍රා ක්‍රමය හඳුන්වා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව මෙලෙස කටයුතු කර ඇත.

Related posts

ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිභාවය අවසන්. ඇසින් දුටු සාක්ෂි මෙන්න

colombotoday

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ..

Admin

සත්‍යග‍්‍රහයට ගිය දෙමාපියෝ ඔලූවිල් සරසවියේ හිරවෙති – උපකුලපති එම්. එම්. එම්. නජීම් දෙමාපියන්ට බොරු කියලා

colombotoday

ද්‍රවිඩ ජනතාවට ස්වයං පාලනය ලබා ගන්න එක්සත් ජාතීන් සමග සාකච්ඡා කරනවා !

colombotoday

50% නැති නිසා රනිල් සජිත්එකතු කිරීමේ උත්සාහයක්

Admin

සියළුම ධීවර වරායන් විකුණා දමන්න ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය !

colombotoday