Colombo Today Local News

කොළඹ අයාලේ යන ගවයන්ට 13 වැනිදා සිට කරන දේ !

බස්නාහිර පළාත තුළ නිදැල්ලේ සැරිසරන ගවයන් මාර්තු 13 වැනිදා සිට අල්ලා ගාල් කර තැබීමට පියවර ගන්නා ලෙස මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතන දැනුවත් කර තිබේ.

ගවයන් හට ආහාර සපයා ගැනීමේ පවතින දුෂ්කරතාවයන් නිසා ගව හිමියන් මෙසේ ගවයන් නිදැල්ලේ යැවීමට හුරු වී සිටින අතර, ඒ හේතුවෙන් මාර්ග තදබදය, රිය අනතුරු සහ පොදුවේ මහජනතාවට හිරිහැර සිදුවීම ආදී ගැටළු රැසක් පැනනැගී ඇත.

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන, බස්නාහිර පළාත් මහ නගර සංවර්ධන සැලසුමට අනුව පවතින සංවර්ධන බාධක විමර්ශනය කිරීමේදී මෙම ගැටළුව හදුනාගෙන ඇත.

Related posts

සජබෙ කොළඹ දැවැන්ත උද්ඝෝෂණයක

colombotoday

බුද්ධි නිලධාරීන් අනතුරට ලක් කළ රථයේ රියදුරු තව දුරටත් රිමාන්ඩ්

colombotoday

විදුහල්පතිට වන්දි ගෙවන්න උතුරුමැද මහ ඇමැතිට නියෝග

colombotoday

වසර 397කට පසු බ්‍රහස්පති සහ සෙනසුරුගේ මහා ග්‍රහ සංයෝජනයක්

colombotoday

ආණ්ඩුවේ ඇමතිලාගෙන් දිගටම භික්ෂූන්ට ගැරහුම්.. මංගල “චීවරධාරී රස්තියාදුකාරයන්” කියා ප්‍රසිද්ධියේ අපහාස කරයි

colombotoday

“පාදඩ මාධ්‍යකරුවන් සහ මිනීමරු සහෝදරයන් හිරේ යවනවා” හිරුණිකා හිරු රෑපවාහිනියට බැනවදී

colombotoday