Colombo Today Local News

රන්ජන් ගැන හිත උණු උන මහින්දානන්ද නඩුව ඉල්ලා අස්කර ගනී

මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් හරහා තමාට අගතියක් සිදුවූ බව බවසමින් ආමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව ඉල්ලා අස්කරගැනීමට අමාත්‍යවරයා අද (31)දින පියවර ගත්තේය.

2016 දී මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රි නිවාස සංකීර්ණයේදී පැවැත්වූ මාධ්‍ය හමුවක දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම නඩුව ගොනු කර තිබුණි.

එම චෝදනාව සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා 2016 වසරේ දී එම ප්‍රකාශයෙන් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් රන්ජන් රාමනායක මහතාගෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලමින් ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කළේය.

සිව් වසරක් පුරා විභාගයට ගැනෙන එම නඩුව ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (31)දින යළි කැඳවනු ලැබීය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී මේ වනවිට බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතා ද නඩු කටයුත්තට පැමිණ සිටි බව මහින්දානන්ද අලුත්ගම මහතා පැවසීය.

එහිදී අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා,

“මම මේ නඩුව ඉල්ලා අස්කරගත්තා. මම දැක්ක රංජන් අහිංසක මනුස්සයෙක්. ඔහුව නොමඟ යැව්වා. රන්ජන් දැන් අසරණ වෙලා ඉන්නේ. ජනපති කිව්වා පළිගන්න එපා කියලා. රන්ජන් වැඩියෙන්ම මඩ ගහපු කෙනා රංජන්ට සමාව දුන්නා. රන්ජන් ගැන මම කනගාටු වෙනවා. රන්ජන්ට සාධාරණයක් ඉටුවිය යුතුයි. “

Related posts

විරෝධතාකරුවන්ට පහරදීම ගැන නාමල් විවේචනය කරයි

colombotoday

“අපි දෙන්න දැන් හොදට ගැළපෙනව“ – රතන හිමි සමග රාජිතත් එක්වෙයි

colombotoday

අත්අඩංගුවේ සිටි ආවා සැකකරුවන් ඇප මත නිදහස්

colombotoday

ජනපති වෙබ් අඩවිය හැක් කළ 17 හැවිරිදි පාසල් සිසුවා අත්අඩංගුවට !

colombotoday

වැඩි සීනි කන අයට බදු !

colombotoday

ඒකාබද්ධයේ ජනබලය ගැන ඇමරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

colombotoday