Colombo Today Local News

රත්නපුර මහ රෝහලේ වාට්ටු දෙකක් වසා දමයි

රත්නපුර මහ රෝහලේ වාට්ටු අංක හයේ සේවය කළ කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක්කිරීම හේතුවෙන් එම වාට්ටුව ද තාවකාලිකව වසා දැමූ බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගු මහතා අද(31)දා පැවසුවේය.

ඒ අනුව මේ වනවිට රත්නපුර ශිෂක්‍ෂණ මහ රෝහලේ අංක 06 සහ අංක 24 යන වාට්ටු දෙකම වසා ඇති අතර ඒවායේ කාර්ය මණ්ඩල නිරෝධායනයට ලක්කර ඇති බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා කීවේය.

වාට්ටු සහ උපකරණ විෂබීජහරණය කිරීමේ කටයුතු සිදුකර ඇති අතර වසා දැමුණු වාට්ටු කඩිනමින් විවෘත කිරිමට පියවර ගන්නා බව ද හෙතෙම කීවේය.

හදිසි අනතුරක් හේතුවෙන් හයේ වාට්ටුවට දින කිහිපයකට පෙර ඇතුළත් කළ රෝගියෙකු ආසාදිත බවට තහවුරුවී තිබිම නිසා ඔහුට ප‍්‍රතිකාර කළ කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක්කළ බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසුවේය.

පැල්මඩුල්ල ප‍්‍රදේශයේ 70 හැවිරිදි පුද්ගලයෙක් හෘදයාබාධ සහ වකුගඩු රෝගී තත්ත්වය මත රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ කළ පීසීආර් පරීක්‍ෂණයකින් පසු කෝවිඞ් ආසාදිත බව තහවුරුවූ අතර ඔහු රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් ඊයේ(30)දින මියගිය බවද රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගු මහතා සදහන් කළේය.

දැඩි අසාධ්‍ය තත්ත්වයනේ පසුවු එම රෝගියා කෝවිඞ් ආසාදිතයෙක් වූ නිසා වෙනත් රෝහලකට මාරු කිරිමට තරම් සනීප තත්ත්වයේ නොසිටි බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසුවේය. ඔහුගේ අවසන් කටයුතු කෝවිඞ් ආසාදිතයෙකුගේ අවසන් කටයුතු කරන ආකාරයට අද ආදාහනය කරන බවද රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගු මහතා කීවේය.

Related posts

IOC සමාගමත් ඉන්ධන මිල පහළ දමයි

Admin

පාර්ලිමේන්තුවට යට කරන්නේ ගෙවල් 2000ක සල්ලි – සජිත්

colombotoday

“බලහත්කාරය යොදන්න වුවත් සූදානම්“ ඉන්දියාවෙන් ලංකාවට ප්‍රබල තර්ජණයක් !

colombotoday

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් කොළඹ ප්‍රහාරයකට සූදානම්.. ඇමරිකාව රජයට අනතුරු අගවයි !

colombotoday

ගුවන් ටිකට්පත් මිල අඩු වෙයි

Admin

තවත් මාව විවේචනය කළොත් ෆීල්ඩ් මාර්ෂල්කමත් අයින් කරනවා – ජනපති-ෆොන්සේකා ගැටුම උග්‍ර අතට…

colombotoday