Colombo Today Local News

මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වසර 25යි

වසර 25 කට පෙර අද වැනි දිනක මෙරට ආර්ථිකය වැනසීමේ මහා ‌මෙහෙයුම ක්‍රියාත්මක විය.

ඒ කිසිවක් නොව මෙරට මූල්‍ය පද්ධතියේ කේන්ද්‍රීය ස්ථානය උසුලනු ලබන ආයතනය වන මහ බැංකුව වැනසීමයි.

1996 ජනවාරි 31 වැනි දින රට කම්පනයට පත් කළ මහ බැංකු බෝම්බ ප්‍රහාරය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර LTTE විසින් සිදු කරන ලද මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයකි.

රාත්තල් 440 ක් පමණ පුපුරණ ද්‍රව්‍ය අඩංගු ට්‍රක් රථයක් ශ්‍රී ලංකාව මහ බැංකුවේ ප්‍රධාන ගේට්ටුව අසල පුපුරුවා ගැනීමෙන් එම බෝම්බ ප්‍රහාරය සිදුවිය.

එම පිපිරීමෙන් පුද්ගලයින් 91 දෙනෙකු මිය ගොස් 1,400 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

මහ බැංකු බෝම්බ සිද්ධියේ තවත් ශෝචනීය සිදුවීම් අදත් අසන්නට ලැබේ.

ඒ, එම බෝම්බයට ගොදුරු වී සදාකාලික ආබාධිත වූවන් ද, 100 දෙනෙකුට ඇස් පෙනීම නැති වී තිබීමයි.

Related posts

වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ ධාතු වන්දනා ප්‍රදර්ශනයක්

Admin

“රාජපක්ෂව ඉවත් කිරීම ‍හොද ක්‍රියාවක්.. ලංකාවේ අර්බුදය විසදන්න දැන් තමයි හොදම වෙලාව” – එරික් සෝල්හයිම්

colombotoday

අමල් පෙරේරා පසුපස ගිය පොලීසිය ” මදූෂ්” කොටු කර ගත් විශ්මිත මෙහෙයුම මෙන්න

colombotoday

ජනපති නිකුත් කළ ට්විටර් පණිවිඩය

colombotoday

ඇමැති 20කගේ දුෂණ ෆයිල් ජනපති කොමිසමට

colombotoday

වෙසක් සතිය නොසැළකේ… පෙරටුගාමී මැයි රැළිය මැයි 1 වනදා කොළඹදී

colombotoday