Colombo Today Local News

ස්වයං නිරෝධායනයවන පුද්ගලයින් නිරීක්ෂණයට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්

ස්වයං නිරෝධයනයට යොමුකර ඇති පුද්ගලයින් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් නිසි ආකාරයෙන් අනුගමනය කරන්නේ ද යන්න සොයාබැලීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් අනුයුක්ත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එවැනි පුද්ලගයින් නිරෝධායන වන ස්ථානයෙන් බැහැරට යන බවට තොරතුරු ලැබී ඇති බවය.

ඒ අනුව අද (30) දිනයේ සිට විශේෂ පොලිස් මෙහෙයුමක් ඒ සඳහා ක්‍රියාත්මක වන බව ද පැවසු පොලිස් මා‍ධ්‍ය ප්‍රකාශකවරයා, ස්වයං නිරෝධායනවන පුද්ගලයින් එම ස්ථානයෙන් පිටව යෑම හෝ පිටත පුද්ගලයෙක් නිරෝධායනයවන ස්ථානයට ගෙන්වා ගැනීම නිරෝධායනය රීතින් යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද පැවසීය.

මේ අතර පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන නීතින්ට පටහැනිව කටයුතු කළ පුද්ගලයින් 52ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව 2020 ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා වු කාලය තුළ නිරෝධායන නීති කඩ කර අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 2,905ක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Related posts

හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුව අසභ්‍ය වචනයෙන් අමතයි – වීඩියෝ සහිතයි

colombotoday

පාර්ලිමේන්තුවේ ජරමරය ගැන මහින්ද රාජපක්ෂ කතා කරයි

colombotoday

ත්‍රිකුණාමලයේදී සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු මිය යයි

colombotoday

ජනපති අලුත් ගමනක් යද්දී පොහොට්ටු මන්ත්‍රීලා සුපුරුදු ගමනේ !

colombotoday

මරදාන – දෙමටගොඩ අතර දුම්රිය දාවනය නවතී

Admin

නත්තල්ට පාසල් වැසෙන හැටි මෙන්න

colombotoday