World

යේමන ඇමති මණ්ඩලය ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාරයක්

දකුණු යේමනයේ ඒඩන් නගරයේ පිහිටි ගුවන්තොටුපළකට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 22ක් මියගොස් තවත් 50 දෙනෙකුට තුවාල සිදුව ඇති බව.වාර්තා වේ.

එම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී වසර 5ක් තිස්සේ සිවිල් යුද්ධයෙන් බැටකන යේමන යේ නව කැබිනට් මණ්ඩලය රැගත් ගුවන් යානයක් අසල්වැසි සෞදි අරාබියේ සිට ගුවන්තොටුපළට ගොඩ බා තිබුණි.

ඒ අනුව එම ප්‍රහාරය එම ගුවන්යානයෙන් පැමිණි පිරිස් ඉල්ලක්ක කර එල්ල කළ ප්‍රහාරයක් ලෙස සැලකේ.

එම ගුවන්යානයෙන් පැමිණි සහන සේවක පිරිසක්, නියෝජ්‍ය ඇමතිවරුන් සහ නිලධාරීන් එම පිපිරීමෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිස අතර වෙයි.

තොරතුරු අමාත්‍යවරයා පැවසුවේ ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් එම බියගුළු ප්‍රහාරය එල්ල කර ඇති බවය.

හූති සටන්කාමීන් පරාජය කර ජනාධිපති අඩ්බ්‍රාබුහා මන්සොර් හාඩි ගේ පාලනය නැවතත් ස්ථාපනය කිරීමට සෞදි අරාබිය ප්‍රමුඛ අරාබි රටවල හමුදා 2015දී ක්‍රියාන්විතයක් ඇරඹීමත් සමගම එරට සිවිල් ගැටුම් වර්ධනය විණි.

එම ගැටුම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 110,000ක් පමණ මරුමුවට පත්ව තිබේ. එසේම මේ වනවිට යුද්ධයක් හේතුවෙන් ඇතිව ඇති ලොව දරුණුතම මානුෂික ව්‍යාසනය යේමනයේ ඇතිවී ඇති තත්ත්වය ලෙස සැලකේ.

Related posts

ඉන්දියාවේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩිතැබීමට උපදෙස්

colombotoday

ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් නොවන අය “ජිස්යා” බද්ද ගෙවිය යුතුයි. – ඉස්ලාමය හැරගිය අය ෂරියා නීතිය යටතේ මරා දැමිය යුතුයි.

colombotoday

වසර 28කට පසු අහස දුටු වැනිලා චිම්පන්සියාගේ සංවේදී වීඩියෝව

Admin

ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල යළි ඉහළට

colombotoday

බ්‍රසීලයේ ආදිවාසීන් වේගයෙන් කොරෝනා වෛරසයට බිලි වෙයි

colombotoday

ඉන්දියාව සහල් අපනයනය නවතයි?

Admin