Colombo Today Local News

මුස්ලිම් නීතිය සංශෝධනයට වෙනම කමිටුවක් පත්කළා -අධිකරණ ඇමති

මුස්ලිම් නීතිය සංශෝධනය කිරීම සඳහා වෙනම කමිටුවක් පත්කර ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.

ඊයේ (30)දින කොළඹ නීතිඥ සංගමයේ දී පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

ක්ෂේත්‍ර ගණනාවකම නීති ප්‍රතිසංස්කරණ හා සංශෝධනය කිරීම සඳහා කමිටු පත්කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා,

“සිවිල් රිෆෝම්ස්වලට තරුණ කට්ටිය එකතුවෙලා සම්පුර්ණයෙන්ම කටයුතු කරනවා. මේවන විට අපි කමිටු 11ක් දාලා නීතිය පිළිබඳ සංශෝධන කරගෙන යනවා. මේක ආප්ප බානවා වගේ එක දවසින් කරන්නට බැහැ මට ඕන දේවල්. මුස්ලිම් නීතිය සංශෝධනය කිරීම සඳහාත් මම වෙනම කමිටුවක් දාලා තියෙනවා. ඒක මට අමතකවෙලා නැහැ.“

Related posts

අගමැති උදේ පාන්දරම මැතිවරණ නීති කඩයි.. මැ.කො. ගේ නියෝග නොතකා කළ වැඩේ මෙන්න

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල 300% කින් ඉහළට

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවා.. වහා පරාජය කළ යුතුයි – ජනපතිගේ නියෝජිතයා

colombotoday

හෙරොයින් සහ අයිස් සමග පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

colombotoday

ඇමති හර්ෂ කෝලිත් එක්ක ලෝකෙටම පේන්න ශ්‍රී ලංකා කණ්ඩායමට කරපු වැඩේ !

colombotoday

තවත් යුද අපරාද චෝදනාවක්… ලංකා රජයෙන් සම අනුග්‍රහය

colombotoday