Colombo Today Local NewsHot News

යුද්ධය හරියට කරාද.. හොයා බලන ‘සත්‍ය හා සංහිදියා කොමිසම‘ සූදානම්.. පනත පාර්ලිමේන්තුවට !!

සත්‍ය සෙවීමේ හා සංහිදියා කොමිසම පිහිටුවීමේ කටයුතු මේ වන විට සම්පූර්ණ කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

උතුරු නැගෙනහිර ප්‍රදේශ කෙන්ද්‍රකරගෙන පැවති යුද්ධයේදී සිදුවූයේ කුමක්ද? ජාත්‍යන්තර නීති උල්ලංඝණය කර ඇත්ද? යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සහ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සදහා මෙම කොමිසම පිහිටුවන අතර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංගගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ ලේකම් කර්යාලය විසින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබේ.

සත්‍ය හා සංහිදියා කොමිසම පිහිටුවීමේ කෙටුම්පත් මේ වන විට සකස් කර අවසන්කර ඇති අතර එය ඉදිරි පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තු න්‍යාය පුස්ථකයට ඇතුළත් කිරීමට කටයුතු යොදා තිබේ.

2017 වසරේ මුලදී මෙම කොමිසම පිහිටුවීමට රජය කටයුතු කරන බවට ඉකුත් වසරේ ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී විදේශ අමාත්‍ය මංගල සමරවීර ජාත්‍යන්තරය හමුවේ පොරොන්දුවක් ලබා දී තිබිණි.

1960 සිට 1994 දක්වා කාල පරාසය තුළ දකුණු අප්‍රිකාවේ සිදුවූ වර්ගවාදී අරගලවලින් පසුව සංහිදියාව ගොඩනැගීම සදහා ගත් ක්‍රියාමාර්ගයක් වශයෙන් ස්ථාපිත වූ “දකුණු අප්‍රිකානු සත්‍ය සෙවීමේ කොමිසම“ ප්‍රකාරව මෙරට යුද සමයේදී සිදුවූ දෑ සම්බන්ධයෙන් විමර්ශණය කරන මෙම කොමිසම පිහිටවනු ලැබේ.

ජනපති නෙල්සන් මැන්ඩෙලාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ සත්‍ය සෙවීමේ කොමිසම මගින් එරට සිවිල් අරගල සමයේ සිදුවූ දෑ සම්බන්ධයෙන් වගකිවය යුතු පාර්ශව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කෙරිණි.

 

Related posts

ඉන්දියාව මාව ඝාතනය කරන්න හදනවා – ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

colombotoday

රණ විරුවන්ට නඩු පැවරුවේ අපි නොවෙයි. අපි ඔවුන්ව එලියට ගන්නවා – ඇමති රාජිත කියයි

colombotoday

පැල් රකින්න ගිය අම්මයි පුතයි ගිනි ගෙන මැරුණා නොවේ වෙඩි තබා පිහියෙනුත් ඇන මරලා

colombotoday

Video: පන්සල් ඉදිකිරීම නවත්වන්න දෙමල සංධානයට අයිතියක් නෑ – එන්.අරුනකාන්ත්

colombotoday

ඤාණසාර හිමියන් තවදුරටත් සිරගත කිරීමට නීතීඥ සංගමය සහ එන්ජීඕ කුමන්ත්‍රණයක්!

colombotoday

“රටට හෙණ ගැහුවත් අගමැතිට විහිළු.. ඔහු කවටයෙක් වෙලා” – ජී.එල්. පීරිස්

colombotoday