Colombo Today Local News

රණවිරු දරු දැරියන් 17000 කට අතහිත දුන් රණවිරු සේවා අධිකාරියේ ශිෂ්‍යත්ව වැඩසටහන

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යාපන ශිෂ්‍යත්ව හා තරුණ කටයුතු අංශය විසින් 2021 ලෝක ළමා දිනය රණවිරු දුවා දරුවන් ඇතුළු සමස්ත දූ දරුවන්ට ශිෂ්‍යාධාර පිරිනමනු ලැබේ.

ක්‍රියාන්විතයේදි තම ජීවිත පූජා කල රණවිරුවන්ගේ හා තම ශාරීරාංග පුදකරමින් ආබාධිත තත්වයට පත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණවිරු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු උසස් අධ්‍යාපනය දක්වා කරගෙන යාම සඳහා අවශ්‍ය දිරි ගැන්වීමත් උසස් අධ්‍යාපනය සදහා තේරිපත් වූ දරුවන්ට ආර්ථිකමය වශයෙන් ශක්තියක් වීමටත් හා උසස් අධ්‍යාපනය සදහා තේරිපත් නොවු දරුවන් වෘත්තිය අධ්‍යාපනයටත් යොමු කිරිම තුලින් අධ්‍යාපනික වශයෙන් පිරිපුන් දරුවන් කොටසක් බිහිකර එමගින් රටට වැඩදායි පුරවැසියන් කොටසක් දායාද කිරීම අරමුණු කරගෙන මෙම ශිෂ්‍යාධාර පිරිනමනු ලැබේ.

මේ යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන් කිහිපයකි.

6-11 වසර අධ්‍යාපනය ලබන දරුවන් අපොස සාපෙළ හදාරන තුරු ඔවුන්ගේ අධ්‍යාපනික අවශ්‍යත්වයන්ට ප්‍රයෝජනයට ගත හැකි පරිදි මසකට රු.500/- බැගින් ශිෂ්‍යාධාර ලබාදීම.

2021 වසර තුල දී ශිෂ්‍යත්ව 1526 ක් ලබා දී ඇත.
 
අපොස සාපෙළ අධ්‍යාපනයෙන් පසු උසස් පෙළ අධ්‍යාපනය හදාරණ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ උසස් පෙළ අධ්‍යාපන කාලය තුල එනම් උපරිම වසර 2කට යටත්ව මසකට රු.1500/- බැගින් ශිෂ්‍යාධාර ලබාදීම සිදු කරයි.

2021 වසර තුල දී ක්‍රියාත්මක කරන ලද ශිෂ්‍යත්ව සංඛ්‍යාව 410 කි.
 
උසස් අධ්‍යාපන ශිෂ්‍යධාර යටතේ විශ්ව විද්‍යාල, විද්‍යාපීඨ හා රජයේ අනුමත වෙනත් උසස් අධ්‍යාපන පාඨමාලා සදහා තේරිපත් වන දරුවන් වෙනුවෙන් මසකට රු.3000/- බැගින් ඔවුන්ගේ අධ්‍යයන වර්ෂ 4ක් ඇතුලත් වනසේ ශිෂ්‍යාධාර ලබාදීම.

2021 වසර තුල ක්‍රියාත්මක කරන ලද ශිෂ්‍යත්ව සංඛ්‍යාව 262 කි.
 
අපොස සාපෙළ, උපෙළ සමත්, අසමත් දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීම අරමුණු කරගෙන වෘත්තීය පුහුණු පාඨාමාලා හදාරණ දරුවන් හට රු.50,000/-ක උපරිමයකට යටත්ව පාඨමාලා ආධාර ලබාදීම.

2021 වසර තුල මේ වන විට ලබාදුන් ගණන 10 කි.

කුසලතා ප්‍රවර්ධන ණය වශයෙන් දේශිය හා විදේශිය උසස් අධ්‍යාපන පාඨමාලා හදරණ දරුවන් වෙනුවෙන් රු.500,000.00 ක උපරිමයකට යටත්ව අධ්‍යාපන ණය මුදලක් ලබා දීම.

2021 වසර තුල මේ වන විට ලබාදුන් ශිෂ්‍යත්ව ගණන 5 කි.
 
මෙයට අමතරව දෙස් විදෙස් පරිත්‍යාගශිලීන්ගේ ආධාර මත විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන්ට, ක්‍රියාන්විත නොවන හේතුන් මත මියගිය රණවිරුවන්ගේ දරුවන්ට හා විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ආධාර උපකාර කරනු ලබයි.
 
රණවිරු සේවා අධිකාරිය ආරම්භයේ සිටම ක්‍රියාත්මක මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මගින් මේ වන විට රණවිරු දරුවන් 17000කට පමණ ශිෂ්‍යාධාර ලබා දෙමින් දේශය වෙනුවෙන් දිවි කැපකල රණවිරුවන් ඇගයීමකට ලක්කර ඇත.    

ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව රණවිරුවන් සහ ඹවුන්ගේ පවුල්වල සාමාජිකයන් සුරක්ෂිත කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන ආරක්ෂක ලේකම් තුමාගේ මැදිහත් වීම මත රුපියල් මිලියන 750 ක් රණවිරු සේවා අධිකාරිය සඳහා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වෙන් කරන ලදී.

Related posts

තුර්කි ෆෙටෝ ත්‍රස්තයන්ගේ ලංකාවේ ව්‍යාපාර ජාලයට දේශපාලන රැකවරණ දීලා – පාස්කු ප්‍රහාර කොමිසමේදී කබීර්ගේ, රිෂාඩ්ගේ රෙදි ගැලවෙයි !

colombotoday

සාපෙළ විභාග ප්‍රතිඵල ප්‍රමාදවෙයි

colombotoday

අනතුරු වැළැක්වීම පිළිබද ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි

Admin

කුමාර වෙල්ගමගෙන් කථානායකට ලිපියක්

colombotoday

රිෂාඩ්ගේ ගෙදර වධකාගාරයක් ! බිරිදගේ සහෝදරයන් දෙදෙනාම ස්ත්‍රී දුෂකයන්. වසර 15 ක සිර දඩුවමකුත් ලැබිලා.

colombotoday

මුලතිව් කැලෑවකින් බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් හමුවෙයි.

colombotoday