2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණ තිබේ.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතාට කොමිසමේ ලේකම්වරයා විසින් සිදු කළ දැනුම්දීමකට අනුව ඒ මහතා එහි පැමිණි බව වාර්තා වෙයි.
අද(10) පෙරවරු 10.00ට කොමිසම රැස්වීමට නියමිතය.