Colombo Today Local News

ඌව ආණ්ඩුකාර නියමයෙන් අත්හිටු වූ බදුල්ල මහා නගර සභාව යළි සක්‍රිය කෙරේ

ඌව ආණ්ඩුකාර නියමයෙන් අත්හිටුවා තිබූ බදුල්ල මහා නගර සභාවේ කටයුතු අද (30)දිනයේ සිට යළි සක්‍රීය වෙයි.

ඒ සඳහා වන ගැසට් පත්‍රය ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් විසින් ඊයේ (29දා) රාත්‍රි නිකුත් කළ බව ඌව ආණ්ඩුකාර ලේකම් මංගල විජේනායක පැවසීය.

ඒ අනුව මෙතක් විශේෂ කොමසාරිස් පාලනයට යටත් කර තිබූ මහ නගර සභාව අද සිට විශේෂ කොමසාරිස් පාලනයෙන් ඉවත්වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය පවතින බදුල්ල මහා නගර සභාවේ නගරාධිපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද, නියෝජ්‍ය නගරාධිපති ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද අයත්ව තිබේ.

නගරාධිපති ධුරය වසර දෙක බැගින් දැරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගිවිසුමක් තිබූ බව පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ප්‍රමුඛ එම පක්ෂයේ මන්ත්‍රීවරු 5 දෙනා නගරාධිපති ප්‍රියන්ත අමරසිරිට විරුද්ධව සටන පටන් ගැනීමත් සමග බහුතරය ලබාගැනීමට නගරාධිපතිවරයා අසමත් විය.

මේ හේතුව නිසා අයවැයද පරාජයට පත්විය. අයවැය පරාද වී තිබියදී දිගටම නගරාධිපති ධුරයේ සිටීමට එරෙහිව පසුගිය කාලය පුරා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අරගල කළේය.

මේ පිළිබඳව බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරිගෙන් විමසූ විට ඔහු පැවසුවේ තමාට බහුතරයකගේ සහයෝගය නොලැබීම සත්‍යයක් බවයි.

අයවැය සංශෝධන සහිතව සම්මත වූ අයවැයක් ලෙස සලකා කටයුතු කරගෙන ගිය බවත් ඒ සඳහා නීති ප්‍රතිපාදන ඇති බවත් පැවසූ නගරාධිපතිවරයා කෙසේ නමුත් සභාව අක්‍රීය වීමේ වගකීම ඒ සියලු දෙනා භාරගත යුතු බව සඳහන් කළේය.

සභාව අක්‍රීය වීම ගැන සලකා ආණ්ඩුකාරවරයා ගත් තීරණය සාධාරණ බවද හෙතෙම අවධාරණය කළේය.

බදුල්ල මහ නගර සභාවේ මන්ත්‍රී ධුර පැවතුණේ එක්සත් ජාතික පක්ෂය 09, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 07, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 05, ජනතා විමුක්ති පෙරමුණ 03 යනාදී වශයෙනි.

Related posts

එජාප තීරණ නිසා රට අරාජික වෙනවා – අපි ආණ්ඩුවෙන් යනවා – සුසිල් ප්‍රේමජයන්ත

colombotoday

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

ඉන්දියාවේදී ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණ සම්මාන 7ක් !

colombotoday

ජනාධිපති විමර්ෂණ කොමිසම නීති විරෝධියි, හිටපු ජනපතිගෙන් විරෝධයක්, තීන්දුව හෙට.

colombotoday

කොවිඩ් ආසාදියින් කිසිඳු පරීක්ෂාවකින් තොරව දින 10න් වැඩට ගෙන්න ගන්න චක්‍රලේකයක්

colombotoday

දැන් කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබන විදුලිබල මණ්ඩලය අභයාරාමයටත් විදුලිය කපන්න ගිහින්

Admin