Colombo Today Local News

විදේශ ඇමති මංගල, ජාත්‍යන්තරය හමුවේ ජනපති මෛත්‍රීගේ පිට කොන්ද කඩා දමයි !

යුද අපරාධ චෝදනා විමර්ශනය සදහා විදේශිය විනිසුරුවන් ගෙන්වීම ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබියදී, විදේශීය විනිසුරුවන් ගෙන්වා ගැනීමේ අවකාශය ඇතැයි ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වෙමින් විදේශ ඇමති මංගල සමරවීර ප්‍රකාශ කළේය.

මානව හිමිකම් ක්‍රියාධරයින්, විදේශීය මාධ්‍යවේදීන් හා ඊළාම්වාදී දෙමළ ඩයස්පොරාවේ නියෝජිත සභාවක් සමග ජිනීවා හි දී පැවති සාකච්ඡාවකදී විදේශ ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර, විදේශීය විනිසුරුවන් සහභාගී කරවා ගැනීම කිසි සේත්ම බැහැර කළේ නැත. සභාවේ කටයුතු නිමවා පිටව යන අමාත්‍ය සමරවීර ගෝලීය දෙමළ සංසදයේ (GTF) නායක එස් ජේ එමානුවෙල් පූජකවරයා සමග සතුටු සාමිච්චියක යෙදීමටද අමතක නොකළේය.

පසුගියදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ, යුද අපරාධ චෝදනා විභාගයට විදේශීය විනිසුරුවරුන් සහභාගී කළ යුතුයැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් ගෙන ආ යෝජනාව පැය 24ක් යන්නට මත්තෙන් තමන් විසින් ප්‍රතික්ෂේප කරමින් තම පිට කොන්ද ජාත්‍යන්තරයට පෙන්වූ බවයි.

මේ අතර මෙවර ජිනීවා මානව හිමිකම් සමළුවට සමගාමීව, එක්සත් ජාතීන්ගේ සංවිධානය යුද අපරාධ චෝදනා විමර්ශනය සදහා විදෙස් විනිසුරුවන්ගේ සහභාගීත්වය සහිත දෙමුහුන් අධිකරණ ක්‍රියාවලියක් ස්ථාපිත කළ යුතු යැයි නැවත වරක් ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර ඇත.

Related posts

ජනාධිපති වෙන්නේ මමයි. මහේෂ් සේනානායක කියයි

colombotoday

යහපාලන රජයේ හිතවත්කමට පත් කළ තානාපතිවරු 30 ක් ශ්‍රී ලංකාවට කැඳවයි

colombotoday

ඊළාම්වාදී ඩයස්පොරාව සතුටු කරන්න, යුද හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත්කළ දේශද්‍රෝහී මෙහෙයුම

colombotoday

ජාතික ආර්ථික සභාවට උපදේශක කමිටුවෙන් යෝජනා 5ක්

colombotoday

සිංගප්පුරුවේ නීතිරීති මෙරට ක්‍රියාත්මක කර මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කරන බව සජිත් කියයි

colombotoday

වැඩිහිටියන් රැකබලා ගන්න ශ්‍රමිකයින් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක්

Admin