Colombo Today Local News

ඇප මත සිටින බුද්ධි අංශ නිලධාරීන්ගේ ජීවිත අනතුරේ !

විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස්‌ අත්අඩංගුවට පත්ව මේ වන විට ඇප මත මුදා හැර සිටින නාවික හා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීහු දැඩි අනාරක්‍ෂිත තත්ත්වයකට පත්ව සිටිති. එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන්ට එරෙහිව සුවිශේෂී මෙහෙයුම් රැසක්‌ සිදු කළ මෙම බුද්ධි අංශ නිලධාරීන්ගේ අනන්‍යතාව හෙළි වීම සහ මේ වන විට විදේශගත කොටි ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරකම් මෙරට වර්ධනය වෙමින් තිබීම ඔවුන් මෙලෙස අනාරක්‍ෂිත වීමට හේතු වී තිබේ.

මේ වන විට ඔවුන්ට හමුදාවෙන් කිසිදු ආරක්‍ෂාවක්‌ නොලැබෙන අතර ඇතැම් උසස්‌ බුද්ධි නිලධාරීන් සතුව තිබූ රාජකාරි ගිනි අවි පවා ඉවත් කර ඇත.

ඇප මත නිදහස්‌ වීමෙන් පසුව මෙම බුද්ධි නිලධාරීන් බුද්ධි බළකායන්වලින් ඉවත් කර වෙනත් හමුදා ඒකකවල රාජකාරියට අනුයුක්‌ත කිරීම එසේ ගිනි අවි ඉවත් කිරීමට හේතු වී ඇත.

සමන් ගමගේ – දිවයින

Related posts

අමෙරිකාවෙන් තවත් එන්නත් මාත්‍රා ලක්ෂයක පරිත්‍යාගයක්

colombotoday

ගෝඨා ⁣ට වෙච්ච දේ රනිල්ට වෙන්න පොදුජන පෙරමුණ ඉඩ තියෙන්නේ නැහැ

Admin

පානදුරේදී හෙරොයින් ග්‍රෑම් 422ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් අල්ලයි

colombotoday

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අත්හිටුවයි

colombotoday

රුපියල් මිලියන 23ක කේරළ ගංජා තොගයක් කිළිනොච්චියේදී අල්ලයි…

colombotoday

ඇඟලුම් කර්මාන්ත ශාලාවක ප්‍රදර්ශනාගාරයක් ගිනි ගනී

Admin